කැනඩා මැතිවරණයේ ලිබරල් පක්ෂය ඉදිරියෙන්

Date:

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් මස 26 වන දින පැවති කණඩා මැතිවරණයේ ජන්ද ප්‍රතිඵල මේ වන විට ප්‍රකාශයට පත්වෙමින් පවතින බව වාර්තා වේ.

මැතිවරණයේ මුල් ප්‍රතිඵල වලින් පෙනී යන්නේ ප්‍රධාන පක්ෂ දෙක වන ලිබරල් පක්ෂය හා කොන්සර්වේටිව් පක්ෂය අතර දැඩි තරඟයක පවතින බවත්, මීළඟ අග්‍රාමාත්‍ය තනතුර වෙනුවෙන් ලිබරල් පක්ෂයේ මාර්ක් කාර්නි සහ කොන්සර්වේටිව් පියරේ පොයිලිවර් අතර තීරණය වන බවත්ය.

මෙතෙක් නිකුත්වී ඇති ප්‍රතිඵල වලට අනුව, ලිබරල් පක්ෂයට මේ වන විට ආසන 21 ක් හිමි වී ඇති අතර කොන්සර්වේටිව් පක්ෂයට හිමිව ඇත්තේ ආසන 8ක් පමණය.

කෙසේ නමුත්, කැනඩා පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබා ගැනීම සඳහා පක්ෂයකට ආසන 172 අවශ්‍ය වේ.

මෙවර මැතිවරණයේ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න තීරණාත්මක සාධකයක් වූ අතර මීට අමතරව විවාදයේ සඳහන් වූ කරුණු අතර ජිවන වියදම් ඉහල යාම හා නිවාස දැරිය හැකි මිලකට ලබා ගැනීම සාකච්ජා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාවික හමුදාව අපරාජිත එකම කණ්ඩායම බවට පත් වෙයි.

නිශ්මං රණසිංහ අගෝස්තු 16, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන පළමු...

ලොහාන් නොදැනසිටි දෙය ….

ලොහාන් රත්වත්තේ ගැන එක එක කට්ටිය එක එක දේවල්...

LINK NATURAL වෙළද සේවා ක්‍රිකට් සමඟ LINK වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 16, කොළඹ LNW: විද්‍යාව,නූතණ තාක්ෂණය සහ සම්ප්‍රදායික දේශිය...

Ella Weekend Express නව දුම්රිය අද සිට ධාවනයට

සටහන - රුවන් නෙළුගොල්ල දෙස් විදෙස් සංචාරකයන්ට ඉමහත් සෙත සලසමින්...