තුසිත හල්ලොලුව අත්අඩංගුවට ගන්නැයි අධිකරණ නියෝගයක් !

Date:

2017 – 2019 සමයේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ තුසිත හල්ලොලුව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පොලීසියට නියෝග කර තිබේ.

ඒ, ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රුපියල් 478,000ක් වටිනා අයිෆෝන් වර්ගයේ ජංගම දුරකථනයක්, ඇපල් මැක්බුක් පරිගණකයක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව කොටුව පොලීසිය මෝසමක් ගොනුකරමින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව ය.

තුසිත හල්ලොලුව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ සමයේ සිට අමාත්‍යවරුන් රැසකගේ සම්බන්ධීකරණ නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ අයෙකු වන අතර මංගල සමරවීර මහතා මුදල් අමාත්‍ය ධුරයේ සිටියදී ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙනුත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ සිටියදී ඔහුගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසත් කටයුතු කළ අයෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජිත් සහ එජාප කිහිප දෙනෙක් අතර විශේෂ සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:විපක්ෂ නායක සමඟි ජන බලවේගයේ නායක සජිත්...

කොළඹ මහ නගරසභාව : කිත්සිරි රාජපක්ෂ අතුරුදන්. මුදලට විකිණිලාද ?

කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම සඳහා හෙට (31)...

පොළොන්නරුව ලෝක උරුම ඇලහැර අමුණට නව පණක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW මහා ගංවතුරෙන්...

පුද්ගලයකුට පහරදීම : ගඟඉහළකෝරළේ මාලිමා සභාපති ඇප මත නිදහස්

පුද්ගලයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ගඟඉහළකෝරළේ ප්‍රාදේශීය...