ඉන්දියාවේ අනතුරුදායක ස්නේහ දකුණු අප්‍රිකාවේ බ්‍රිට්ස්ගේ උත්සාහයට අකුල් හෙළයි

Date:

නිශ්මං රණසිංහ අප්‍රේල් 30, කොළඹ LNW:

ශ්‍රී ලංකාව,ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් එරට කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවත්වෙන තුන්කොන් තරගාවලියේ දෙවන ජයග්‍රහණයත් අත් කර ගන්නට ඉන්දියාව සමත් වුණා.ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලකුණු 15 ක පරාජයක් අත් කර දෙමින්.
මේ තුන් කොන් තරගාවලිය මේ වන විට ඉන්දීය ක්‍රීඩිකාවන් දෙදෙනෙකුගේ ආධිපත්‍යයට යට කර ගනිමින් සිටින බව පෙනෙනවා.මීට පෙර අවධානය වැඩිපුර යොමු නොවුණු ප්‍රෙටිකා රාවල් පිතිකරණයෙන්ද,ස්නේහ රානා පන්දුවෙන්ද ඉහළ දස්කම් දක්වමින් සිටිනවා.ශ්‍රී ලංකාවට එරෙහි පළමු තරගයේදී සිය පිතිකරණය නිසා තරගයේ වීරවරිය වූ ප්‍රෙටිකා දකුණු අප්‍රිකාවට එරෙහිව ද වැඩිම ලකුණුලාභිණිය වෙමින් ඉණිම අරඹමින් ලකුණු 78 ක් රැස් කර ගැනීමට සමත් වෙනවා.


තරගයේ 48 වන ඕවරයේ දී කඩුලු තුනක්ම දවා ගනිමින් මුළු තරගයේදි කඩුලු 5 ක් ලකුණු 43 ට දවා ගන්න ස්නේහ රානා තරගයේ වීරවරිය වෙනවා.ලකුණු හඹා යමින් සිටි දකුනු අප්‍රිකාවේ සාර්ථක ගමන් මඟ අඩාල කර දමනවා.


කාසියේ වාසිය ලබමින් පන්දුවට පහර දී කඩුලු 6 ට ලකුණු 276 ක් රැස් කරන ඉන්දියාවට දකුණු අප්‍රිකාව හොඳ පිළිතුරක් ලබා දෙන්නට සූදානම් වුණා.ආරම්භක කඩුල්ලට ලෝරා වොල්වර්ඩිට් (43) සහ ටස්මින් බ්‍රිට්ස් (109) ලකුණු 140 ක සබඳතාවයක් පවත්වමින් තරගයේ බලාපොරොත්තු දකුණු අප්‍රිකාව දෙසට හරවනු ලැබුවා.


එහෙත් ස්නේහ රානාගේ මැදිහත්වීම මෙන්ම දකුණු අප්‍රිකානුවන්ට හිතකර නොවූ කොළඹ පැවති දැඩි උණුසුම් තත්ත්වය නිසා බ්‍රිට්ස්ට ශතකය ලබා ගැනීමෙන් පසුව පිටියෙන් ඉවත් වෙන්නට සිඳු වුණා.ඇයට ඇති වූ වේදනාත්මක අපහසුවට විජලනය ද හේතු වී ඇති බව පැවසුණා.එහෙත් ඇය නැවත පිටියට පිවිස ලකුණු අතරට ඒමට දැරූ උත්සාහය රානා විසින් ව්‍යර්ථ කළේ ඇයගේ පන්දු ඉදිරියේ ඇය විසින්ම පෙරළා රැක ගත් උඩ පන්දුවක් හේතුවෙන්.


ස්නේහ රානා මේ තරගාවලියේදී පන්දු යැවීමෙන් ඉනික්බිති පෙරළා උඩ පන්දු ලබා ගැනීමේ ප්‍රවනතාවක් පෙන්වනවා.පිතිකාරිණියන් පන්දු යවන්නියගේ හිසට ඉහළින් පහර එල්ල කිරීමට පොළඹවන සුළු සහ කඩුල්ල එල්ලයේ ආක්‍රමණය සිදු කිරීමෙන් ඇය මෙම තුන් කොන් තරගාවලිය තුළ මේ දක්වා ඇති කර තිබෙන බලපෑම සුළුවෙන් සිතිය නොහැකියි.


ස්නේහ රානා 31 හැවිරිදි වියේ පසුවන අතර සාමාන්‍යයෙන් ඉන්දීය ක්‍රීඩිකාවකට ජාතික කණ්ඩායමේ දොර විවර වෙන කාලයට වඩා වැඩි කාලයක් ගෙන ජාතික කණ්ඩායමට පිවිසියද ඇය විශාල බලපෑමක් ඇති කළ හැකි ක්‍රීඩිකාවක් හැටියට අවධානයට ලක් වුණේ අඩුවෙන්.ඒත් මේ තුන්කොන් තරගාවලියේදී ස්නේහ රානා ක්‍රිකට් ලෝකයේ පිතිකාරිනියන්ට දරුණු වෙන ලකුණු පෙන්වමින් තිබෙනවා.එය ශ්‍රී ලංකාවේ සහ දකුණු අප්‍රිකාවේ පමණක් නොවේ සමස්ත ලෝක කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේම අවධානයට ලක් විය යුතුව තිබෙනවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...