නව පාප් වහන්සේ පිළිබඳ ඉඟියක්! කළු දුමාරයක් දේවස්ථානයේ දුම් කවුළුවෙන්?!

Date:

සටහන – පුලී
මැයි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ලෝකයේම කිතුනුවන්ගේ අවධානය දිනාගත් නව පාප් වහන්සේ තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම ඊයේ දිනයේ ආරම්භ විය.

වතිකානයේ සිස්ටයින් දෙව් මැඳුරේ පැවති විදේශ දේව මෙහෙයෙන් අනතුරුව, කාදිනල්වරු 133 දෙනෙකුගෙන් යුත් රහස් ඡන්ද විමසුම පැවැත්වීය.

බාහිර ලෝකයෙන් කිසිදු බලපෑමක් නොමැතිව කෙරෙන මෙම ඡන්ද විමසීමට ප්‍රථම කාදිනල්වරු බාහිර සමාජයෙන් වෙන් කරනු තබනු ඇත.

නමුත් දුම් කවුළුවෙන් අදදින පිටව ගියේ කළු දුමාරයකි. ඉන් අදහස් වන්නේ තවමත් දෝලනය වන තීරණයකි.

නවතම විදෙස් තතු වලට අනුව තවමත් එක් කාදිනල්වරයෙකුවත් ඔවුන්ට හිමි ඡන්ද 89 ලබා ගෙන නොමැති නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇතැයි සැලකේ.

සම්මේලනයට පෙර පැවති මහා සභා 12 තුළ, කාදිනල්වරු පල්ලිය මුහුණ දෙන ප්‍රධාන අභියෝග කිහිපයක් ද හඳුනා ගත්හ. ඒවාට එවැන්ජලිස්තකරණය, විවිධ වෘත්තීන්, ලිංගික අපයෝජන, වතිකානු මූල්‍ය තත්ත්වය ඇතුළු ගෝලීය ගැටුම් ඇතුළත් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇප ඉල්ලීමකදී උසාවියේ කරුණු සිද්ධ වෙන හැටි …

රනිල් වික්‍රමසිංහට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ගයක් ආරම්භ වී ඇති නිසා,...

රනිල්ට එව්වේ නිල ආරාධනාවක්ද, නැද්ද ? – ආන්දෝලනය අදින් නිමවෙයි ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එංගලන්තයේ වුල්වර්හැම්ටන් විශ්වවිද්‍යාලයෙන් එවන...

ජීවිතයේ ලිහුණ මැහුම් මහන ටේලර් ලංකාවට එරෙහි සිම්බාබ්වේ කඳවුරට

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: සිව් වසරකට පසුව අවුරුදු 40...

රනිත්මා ප්‍රංශයේදී අයර්ලන්තය අභිබවා යයි

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: ප්‍රංශයේ පැවත්වෙන ලෝක සූරතා බැඩිමින්ටන්...