දකුනු අප්‍රිකාව පරාජය කළ ඉන්දියාව, ශ්‍රී ලංකාවට අවසන් තරගයට ඒම පහසු කරයි.

Date:

නිශ්මං රණසිංහ මැයි 08, කොළඹ LNW:

ශ්‍රී ලංකා,ඉන්දියා සහ දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසාන තරගයට ශ්‍රී ලංකාවේ සහභාගීත්වය ඉන්දියාව විසින් දකුණු අප්‍රිකාව පරාජය කිරීම හරහා සහතික කළේය.ඒ අනුව මැයි 9 වන දා පැවත්වෙන තරගයේදී දකුණු අප්‍රිකාව ඉදිරියේ ශ්‍රී ලංකාව පරාජය ලැබුවත් අවසාන තරගයට ඉන්දියාවට එරෙහිව සහභාගි වන්නේ ශ්‍රී ලංකාවය.


මේ වන විටත් ශ්‍රී ලංකාව තරග දෙකක් ජය ගෙන ඇත.දකුණු අප්‍රිකාවට එකඳු තරගයක් හෝ ජය ගන්නට අවස්ථාව ලැබී නැත.ඒ නිසා ලකුණු සටහනේදී දකුණු අප්‍රිකාව විසින් ශ්‍රී ලංකාව පරාජය කළ ද,අවසාන තරගයට එන්නේ දැනටත් තරග දෙකක් දිනා තිබෙන ශ්‍රී ලංකාවය.
ශ්‍රී ලංකාවේ අවසන් තරග සහභාගීත්වය තරගාවලියේ ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගයට පෙරම හමාර කළේ ඉන්දියාවය.තරගයේ කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දෙන්නට දකුණු අප්‍රිකාව ඉන්දියාවට ඇරයුම් කළේය.එම තීරණය දකුණු අප්‍රිකාවට එරෙහිව ක්‍රියාත්මක කිරීමේ මූලිකය වුණේ ජෙමීමා රොඩ්රිගූස් ය.ඇය පන්දු 101 දී ලකුණු 123 ක් ලබමින් ඉන්දීය ඉණිම කඩුලු 9 ට ලකුණු 337 ක් තිබියදී නිම කරන්නට සමත් විය.ජෙමීමාට අමරතව ඉන්දියාවට ලොකු ලකුණු පූවරුවක් සඳන්නට දීප්ති ෂර්මා ලබා ගත් ලකුණු 93 සහ ස්ම්‍රිති මන්දනා ලද ලකුණු 51 දුන්න දායකත්වයද සුළු නැත.
දකුණු අප්‍රිකානු නායිකා ලෝරා වොල්ඩර්වෙට් නොමැති වුව ද,දකුණු අප්‍රිකාව ඒ සුවිසල් ඉලක්කය හඹා යාම නැවත් වූවේ නැත.ඔවුන් පන්දු වාර 50 නිමා වන විට කඩුලු 7 ට ලකුණු 314 ක් ලබා ගත් අතර ඒ සඳහා ඇනාරි ඩෙර්ක්සන් (81) සහ තාවකාලික නායකාව ලෙස සිටි චොලේ ට්‍රියොන් ලබා ගත් ලකුණු 67 ද ලබාදුන් දායකත්වය විශාලය.


ලකුණු පූවරුව
https://bit.ly/4iXf4tL
අවසාන තරගයට එන බව පැහැදිළි ශ්‍රී ලංකාව,අවසාන තරගය වෙනුවෙන් ක්‍රිඩා කරන හොඳම කණ්ඩායම මැයි 9 වන දා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවත්වෙන තරගයට යොදවනවාද නැද්ද යන්න සිතිය යුතුය.අවසාන තරගයට පෙර තව දුරටත් අඛණ්ඩව පවත්නා හොඳම රිද්මය සහිතව සිය ජයග්‍රාහි කණ්ඩායමම යොදවනවාද යන්න සම්බන්ධයෙන් මෙන්ම අලුත් ක්‍රීඩිකාවන් සදහා අවස්ථාවක් දෙනවාද යන්න ගැනත් කල්පනා කර බැලිය යුතුය.විශේෂයෙන් මනුදි නානායක්කාර සහ රශ්මිකා සෙව්වන්ද වැනි තව විශාල කාලයක් අනාගතය භාරව සිටින ක්‍රීඩිකාවන් අත්හදා බලන්නට ඇති හැකියාව ගැන කල්පනා කර ඔවුන්ට අවස්ථාවක් දීම සඳහා ද මේ මොහොත යොදා ගැනීමට හැකියාව ඇත.


එසේම ජාත්‍යන්තර තරගවල පන්දු යැවීමට ලද අවස්ථාව ඉතා ඉහළින් ප්‍රයෝජනයට ගත් දෙව්මි විහංගා පිතිකරණයේදී ලද අවස්ථාව අත්දැකීම් නැතිකම නිසා නාස්ති කර ගැනීමෙන් යම් පාඩමක් ඉගෙන ගෙන ඇද්ද යන්න විමසා බැලීමට මේ තරගයේදී පිතිකරණයේ තරමක් ඉදරියට ගෙන අවස්ථාව දිය හැකිනම් වැදගත්ය.වැදගත් කාරණය මේ තුන්දින තරගාවලියේ දී ශ්‍රී ලංකාව දක්වන දස්කම් මේ වසරේදී පැවත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියට බෙහෙවින් වැදගත් වීමය.එහිදී තරුණ දස්කම් වඩාත් ශ්‍රී ලංකාවට වැදගත් විය හැකි අතර මේ මොහොත එවැනි දස්කම් ගැන විමසා බලන්නට හොඳ අවස්ථාවක්ය.


ශ්‍රී ලංකාවේ පුහුණු කාර්ය මණ්ඩලය සහ කළමණාකාරීත්වය ශ්‍රී ලංකා ක්‍රිකට්වලින් ලැබුණ අවස්ථාවන් හොඳින් ප්‍රයෝජනයට ගෙන තිබෙන බව පැහැදිළිය.දකුණු අප්‍රිකාවට සහ ඉන්දියාවට එරෙහි ජයග්‍රහණවලදි එම ලකුණු හඹා යමේදී ප්‍රදර්ශනය කළ වෘත්තිමයභාවය ඉහළින්ම දකින්නට ලැබිණ.ආක්‍රමණය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කළ යුතු නිවැරදිම මොහොත හරියටම කියවා ගැනීමට ඇති හැකියාව ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන් තුළින් හොඳින් විද්‍යාමාන විය.ශ්‍රී ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තරයේද කතා කරන චරිත බවට හර්ෂිතා,කවීශා සහ නිලක්ෂිකාගේ සිය පිතිකරණය හරහා පත්වෙමින් ඇත.ජාත්‍යන්තර සළකුණක් ලෙස අවිවාදිත චමරි පසුපස තවත් ගොන්නක් ඒ තත්ත්වයට පත්වෙමින් තිබෙන අතර කවීශා වැනි තුන් ඉරියව් ක්‍රීඩිකාවක් ගෙවෙන මොහොතේ දැඩි විශ්වාසයෙන් පිතිකරණ නාමාවලියේ ඉදරි අංකයකට ගෙන ඒම සාධාරණය කරමින් ඇත.එසේම ඇය මේ මොහොතේ පිතිකරණයේ සාර්ථකත්වය සමඟ පන්දුවෙන් දෙන දායකත්වය ද ඉහළින් රැක ගැනීමට කල්පනා කිරීම ද වැදගත්ය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඩුලු වර්ෂාවට හසු නොවුණ කුසල්ගේ ඉණිමෙන් ලංකාවට ඉණිමක ජයක් බලාපොරොතුවක්

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්!

කොළඹ LNW:දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo...

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...