*
Saturday, May 10, 2025
spot_img

Latest Posts

ඩේලි ඩෝස් ඔෆ් නාමල්….

මාලිමා ආණ්ඩුවේ ජනප්‍රියතාව අඩුවෙන්න එක ප්‍රධාන හේතුවක් තමයි මිනිස්සු එයාල එක්ක තිබ්බ බැඳීමේ ත්‍රීවෘරබව අඩුවීම. ඒ කියන්නේ උද්යෝගය (excitement) නැත්නම් උද්වේගකර බව එන්න එන්න අඩුවෙන එක.

මේ උද්වේගය අල්ලල තියාගත්තේ අනුර. ඒ නිසා තමයි හැම මීටින් එකටම අනුර අනිවාර්ය උනේ.

මේක විපක්ෂයේ ඉන්න කොට හැමදාම වගේ නඩත්තු කරන්න පුළුවන් දෙයක් උනත් ආණ්ඩු බලය ගත්තට පස්සේ කරන්න අමාරු දෙයක්. ඒ ‘උද්වේගකර ආතල් එක’ දෙන්න නම් ආණ්ඩුවට නැහැමින් සල්ලි තියෙන්න ඕනි.

මේ වෙලාවේ එහෙම ආතල් දෙන්න ආණ්ඩුවට සල්ලි නැහැ.

අනික් එක විපක්ෂයේ ඉන්න කොට අනුර ඇතුළු කණ්ඩායම ඩේලි ආතල් එකක් දුන්න. උගන්ඩාවේ සල්ලි ගේන්න ඕනි නැද්ද කියල අහනකොට මිනිස්සුන්ට ආතල්. ගේන්න ඕනි නේන්නම්…හොරු අල්ලන්න ඕනි නැද්ද කියල අහන කොට ආතල්. අල්ලන්න ඕනි නේන්නම්… පැය විසි හතරෙන් හොරු හිරේ දානවා කියනකොට ආතල් නැද්ද..ආතල්. දේශපාලනය කරන උන්ගේ සියලුම වරප්‍රසාද අහිමි කරනවා කියනකොට ආතල් නැද්ද…ආතල්.

අනික් අය දෙනවට වඩා දේශපාලන බරකින් ඒ එක්සයිට්මන්ට් එක ජාතික ජන බලවේගේ දුන්න. පිරිසිදු දේශපාලනයක්, දුෂණ වංචා නැති දේශපාලනයක්, කාර්යක්ෂම පාලනයක් ඒ අතර තිබ්බ.

ඒ වගේ ‘ඩේලි ආතල් ඩෝස්’ (daily aathal dose -දෛනික ආතල් මාත්‍රාව) එකක් ජාතික ජන බලවේගේ වෙනම ලෙවල් එකකින් දුන්න. මිනිස්සු ඒ ආතල් එක ගත්ත. හැබැයි ඒක බලයට ආවට පස්සේ වෙනස් වෙලා දැන් එහෙම ආතල්ම දෙන්න බැහැ.

පළාත් පාලන චන්දෙ වෙනුවෙන් ජනාධිපතිතුමාම රට වටේ ගියේ එයාගේ ‘හඬ’ ඔස්සේ තමයි මිනිස්සු මේ එක්සයිට්මන්ට් එක ගත්තේ. හා බොරුද..හා නැද්ද..මං අහන්නේ එහෙම වෙන්න ඕනි නැද්ද..අම්මප …ආදී වශයෙන් මේක ඒ කාලේ දිගටම ගියා. හැබැයි චන්දෙ කාලේ එනකොට ඒක ටිකක් පරණ වැඩි උනා. පරස්පර උනා. ගතියක් නැතුව ගියා.

මේ දේශපාලන එක්සයිට්මන්ට් එක අරන් එන්න ගොඩක් වෙලාවට ප්‍රහාරයක් විදියට (අනෙකා) පාවිච්චි උනේ රාජපක්ෂ පවුල. ඒ පවුලේ මේ වෙලාවේ ප්‍රකාශකයා නාමල්.

නාමල් ඉතින් හෙමීට පොඩියට කියා කියා ගියා අපි උගන්ඩාවට අරන් ගිය සල්ලි ගේන්න කියල. තව මොනවාහරි හොරකම් කරපු දෙයක් තියනවා නම් හොයන්න කියල. මේ ආණ්ඩුවේ ඇත්ත ප්‍රතිවිරෝධය එන්නේ නාමල් එක්ක.

එයා කළේ අර එක්සයිට්මන්ට් එක අනික් පැත්ත හරවන්න හදපු එක. ඒ නිසා මිනිස්සු එයාගේ පැත්තත් බලන්න පටන්ගත්ත. පොඩි පොලිටිකල් එකස්යිට්මන්ට් එකක් එයත් දුන්න. ඒක හැම දවසෙම වගේ එයත් කළා. පොඩි හීනි කින්ඩි හිනාවක් එක්ක.

ඕනිනම් කියන්න පුළුවන් ඒක ‘ඩේලි ඩෝස් ඔෆ් නාමල්’ (Daily Dose of Namal) නැත්නම් නාමල්ගේ දෛනික කින්ඩිය කියලත්..

පොඩියට කරපු වැඩෙන් ලක්ෂ දහයක් චන්ද වැඩිවුණා.

මහේෂ් හපුගොඩ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan