ඉන්දු- පාකිස්තානු යුද්ධය අවුළුවන අළු යට ගිනි පුපුරු; ඉන්දියාව සහ පාකිස්තානය න්‍යෂ්ටික අවි වැරදි ලෙස කළමනාකරණය කිරීම පිළිබඳ එකිනෙකාට චෝදනා කර ගනියි

Date:

සටහන: සශිකලා මධුෂාණි
මැයි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දු – පාකිස්ථාන් දේශසීමා සටන් විරාමයෙන් දින කිහිපයකට පසු ඉන්දියාව සහ පාකිස්තානය න්‍යෂ්ටික අවි වැරදි ලෙස කළමනාකරණය කිරීම පිළිබඳ චෝදනා හුවමාරු කර ගෙන තිබේ.

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං විසින් ඊයේ(15)දිනයේදී ශ්‍රීනගර් හි හමුදා කඳවුරකදී පාකිස්තානයේ න්‍යෂ්ටික අවිවල ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්න කළ අතර එහිදී ඔහු සඳහන් කර තිබුණේ, ‘පාකිස්ථානුවන් වගකීම් විරහිත ජාතියක්වන බැවින් පාකිස්තානයේ න්‍යෂ්ටික අවි IAEA (ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය) අධීක්ෂණය යටතේ ගත යුතු බවයි’.

අමාත්‍යවරයාගේ අදහස්වලට ප්‍රතිචාර වශයෙන්, පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ, ‘ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍යවරයාගේ අදහස් IAEA වැනි එක්සත් ජාතීන්ගේ විශේෂිත ආයතනයක වගකීම් පිළිබඳ ඔහුගේ දැඩි නොදැනුවත්කම පෙන්නුම් කරන බවත්, ඉන්දියාවේ න්‍යෂ්ටික සහ විකිරණශීලී ද්‍රව්‍ය නීති විරෝධී ප්‍රවාහනය කිරීමේ සිදුවීම් පිළිබඳව IAEA සහ ජාත්‍යන්තර ප්‍රජාව කනස්සල්ලට පත්විය යුතු බවත්ය’.

1998 දී ටයිට්-ෆෝ-ටැට් න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු කිරීමෙන් පසු, ඉන්දියාව සහ පකිස්ථානය න්‍යෂ්ටික බලවතුන් බවට පත් වූ අතර, කලාපය ලෝකයේ භයානක න්‍යෂ්ටික ගිනි අවුලුවන ස්ථානවලින් එකක් බවට පත් කරනු ලැබිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම මූල්‍ය ප්‍රතිපත්ති තීරණය! 

රෂිකා හෙන්නායක ජනවාරි 28, කොළඹ LNW : 2026 ජනවාරි මස...

සුපිරි අට 30 සහ 31 තුරඟ තරග පිටියට

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් ජාතික පාපන්දු...

තවමත් ආලෝකයක් නොලද ජනවාරියේ “Who is Lasantha” ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් මුහුණපා ඇති සියලු ආකාරයේ අපරාධයන්ට...

හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව...