වාහන අංක තහඩුත් හිඟවෙයි. දැනට තාවකාලික විසඳුමක්

Date:

මෝටර් වාහනයක් නව ලියාපදිංචියේදී අංක තහඩු නිකුත් කිරීම අත්‍යාවශ්‍ය වුවත් අංක තහඩුවල හිඟතාව හේතුවෙන් නව ලියාපදිංචි කරන ලද මෝටර් වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීම පසුගිය 28 වනදා සිට තාවකාලිකව අත්හිටුවා ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන් ද දැනුවත් කර ඇති අතර නව මෝටර් රථ ලියාපදිංචි කරන මෝටර් රථ හිමියන්ට ද ලිපියක් මගින් දැනුම් දී තිබේ.

ඒ අනුව නව ලියාපදිංචි කරන ලද මෝටර් රථවලට තාවකාලික අංක තහඩු සවිකර ධාවනය කිරීමට අවසර ලබාදී ඇති බවයි පොලිස් රථ වාහන කොට්ඨාසයේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

වාහන අංක තහඩු නිකුත් කිරීම සඳහා නව ආයතනයක් තෝරාගැනීම වෙනුවෙන් ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර ඇති අතර මේ වනවිට එහි තාක්ෂණික ඇගයීම් අවසන් වී ඇති බවත් මොරටුව විශ්වවිද්‍යාලයෙන් එහි වාර්තාව ලැබුණු පසුව නව සැපයුම්කරුවකු තෝරාගෙන අංක තහඩු නිකුත් කිරීම නැවත ආරම්භ කරන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පවසා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හැංගිලා හිටපු තුසිත හල්ලොලුව අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු...

ජාතික සතොස සහල් – ඇමති වසන්තගෙන් අලුත් වැඩක් !

සටහන - රුවන් නෙළුගොල්ල "ජාතික සතොස” වෙළඳ සන්නාමය සඳහන් ඇසුුරුම්...

අරුණ පත්තරේ නිරෝෂා වාසල CIDයට කැඳවයි !

"අරුණ" පුවත්පතේ මාධ්‍යවේදිනී නිරෝෂා වාසලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...

බහරේන් යන යොවුන් කණ්ඩායමට තහනම් අඩවි පෙන්නා දෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව...