වසර තුනකට පසු පළමු වරට යුක්රේන සහ රුසියානු නිලධාරීන් ඉස්තාන්බුල්හිදී මුහුණට මුහුණ හමු වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
මැයි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 2022 වසරේ යුක්රේනයට එරෙහිව රුසියා යුද්ධය ආරම්භ වීමෙන් අනතුරුව මුල් වරට අද(16)වන දින දෙරටේ නියෝජිතයින් පෞද්ගලිකව තුර්කියේ ඉස්තාන්බුල්හිදී හමුවී සාම ක්‍රියාදාමය සමබන්ධයෙන් සාකච්ජා කළ බව වාර්තා වේ.

යුක්රේනය සහ රුසියාව යන දෙකම සමඟ හොඳ සබඳතා පවත්වා ගෙන ගිය රටවල් කිහිපයෙන් එකක් වන තුර්කිය සාම සාකච්ඡා සඳහා පහසුකම් සපයන අතර මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ මෙමඟින් ඉදිරි ගමනක් අපේක්ෂා කිරීම ඉතා අල්ප නමුත් මෙය ඉදිරි පියවරක් වන බවයි.

මිට සමගාමිව යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ඇල්බේනියාවේ ටිරානා හි යුරෝපීය දේශපාලන ප්‍රජා සමුළුවට සහභාගී වූ අතර එහිදී කීර් ස්ටාමා සහ එමානුවෙල් මැක්‍රොන් ඇතුළු යුරෝපීය නායකයින් අමතමින් සෙලෙන්ස්කි සඳහන් කර තිබුණේ, යුක්රේනයට කොන්දේසි විරහිත සාමයක් අවශ්‍ය බවත්, ඉස්තාන්බුල්හි සාකච්ඡා අසාර්ථක වුවහොත් ලෝක නායකයින් රුසියාව සම්බන්ධයෙන් දැඩි ප්‍රතිචාරයක් දක්වනු ඇති බව තමා විශ්වාස කරන බවත්යි.

මේ වන විට යුක්රේන සාමය වෙනුවෙන් අවධානය යොමු කර සිටින එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද සඳහන් කර තිබුණේ, තමාට හැකි ඉක්මනින් රුදියානු ජනාධිපති පුටින් හමුවීම අත්‍යාවශ්‍ය වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...