සහල් හිගය හේතුවෙන් ජපානයේ ගොවිපල අමාත්‍යවරයා ඉල්ලා අස්වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
මැයි 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): තම ආධාරකරුවන් තෑගි ලෙස “ඕනෑ තරම්” සහල් ලබා දෙන නිසා තමාට කිසි විටෙකත් සහල් මිලදී ගැනීමට සිදු නොවූ බව ජපානයේ ගොවිපල අමාත්‍යවරයා වන ටකු එටෝ ප්‍රකාශ කිරීමත් සමඟ ඔහුට සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වීමට සිදුව ඇති බව වාර්තා වේ.

ඒ අනුව, පසුගියදා මාධ්‍ය අමතමින් අරමුදල් රැස්කිරිමකදී කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව ප්‍රකශ කර තිබු අතර මෙයපක්ෂ විපක්ෂ බොහෝ දෙනාගේ විවේචනයට ලක් විය.

එරට විපක්ෂය විසින් ඔහුට එරෙහිව විශ්වාස භංගය යෝජනාවක් ගෙන ඒමට සුදානම් වීමත් සමඟ ඔහු සිය ධුරයෙන් මෙලෙස ඉල්ලා අස් වී තිබේ.

ජපානය මේ වන විට දශක ගණනාවකට පසු එහි පළමු ජීවන වියදම් අර්බුදයට මුහුණ දී සිටින අතර එහි ප්‍රධාන ආහාර වේලක් වන සහල් පසුගිය වසරේ මිල දෙගුණයකටත් වඩා වැඩි වී ඇති අතර ආනයනික ප්‍රභේද ස්වල්ප වී තිබේ.

ඉහළ යන මිල ගණන් මැඩපැවැත්වීම සඳහා ජපානය විසින් අග්නිදිග ආසියාවෙන් සහල් මිලදී ගැනීමට සැළසුම් කර ඇති අතර ආර්ථික, දේශපාලන සහ දේශගුණික බලපෑම් හේතුවෙන් මෑත වසරවලදී හිඟයක් ඇති වී තිබේ.

සහල් මිල ඉහළ යාම නිසා ඇති වූ කැරලි 1918 දී රජයක් පවා පෙරළා දැමීමට සමත් වූ අතර මෙම තත්වය අගමැති ෂිගෙරු ඉෂිබාගේ සුළුතර රජයට නව පහරක් එල්ල කරන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්අඩංගුවට ගත් රනිල් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට. දිලීප පීරිසුත් උසාවි එයි !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ත්තුව විසින් අත් අඩංගුවට ගන්නා ලද හිටපු...

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා – ඇමති විජිත දින වකවානු එක්ක සහතික වෙයි!

කොළඹ LNW:ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව විදේශ කටයුතු,...

මධ්‍යම තැපැල් හුවමාරුවට පොලීසිය කැඳවද්දී වැඩ වර්ජකයෝ සත්‍යග්‍රහයකුත් අරඹති!

කොළඹ LNW: නිරතව සිටින තැපැල් සේවකයින් කොළඹ මධ්‍යම තැපැල්...