රාජිත,කෙහෙළිය,දයාසිරි ඇතුළු හිටපු ඇමතිවරු 12කගේ ගිණුම් පරීක්ෂාවට අධිකරණයෙන් අවසර!

කොළඹ LNW:ජනාධිපති අරමුදල් වංචා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රාජිත සේනාරත්න, දයාසිරි ජයසේකර සහ කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු හිටපු ඇමතිවරුන් ඇතුළු 12 දෙනෙකුගේ ගිණුම් පරික්ෂා කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත්තේ අරමුදල් බෙදා හැරීමේදී සිදු වූ අක්‍රමිකතා සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාට ලැබී ඇති තොරතුරු මත පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව විමර්ශනයට අවශ්‍ය සහයෝගය දැක්වීමට සහ අවශ්‍ය තොරතුරු සැපයීමට මහේස්ත්‍රාත්වරිය අදාළ රාජ්‍ය බැංකුවලටද නියෝගයක් ද නිකුත් කර ඇත.

මෙහිදී අරමුදල් අවභාවිත කළ බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 36 දෙනෙකු සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් සිදු කළ බවත් අනතුරුව ඉන් මහජන නියෝජිතයින් 22 දෙනෙකු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබුණි.

ඒ අනුව පැවැත්වූ මූලික පරීක්ෂණයට ඇතුළත් වූ මහජන නියෝජිතයින්ගේ ලෙස පී.හැරිසන්, පියසේන ගමගේ, සුමේධා ජයසේන, මනෝජ් සිරිසේන, පී.දයාරත්න, එස්.සී.මුතුකුමාරණ, වාසුදේව නානායක්කාර, සරත් අමුණුගම, එස්.බී. නාවින්න, දයාසිරි ජයසේකර, පියල් නිශාන්ත ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, ඉසුර දේවප්‍රිය, එස්.ඒ.ජගත් කුමාර, කේ.පී.එස්. කුමාරසිරි, ජයලත් ජයවර්ධන, නාමල් ගුණවර්ධන, ධර්මදාස බණ්ඩා, විදුර වික්‍රමනායක, විමලවීර දිසානායක, ලකී ජයවර්ධන, පී චන්ද්‍රසේකරන්, ජෝන් අමරතුංග, ජෝශප් මයිකල් පෙරේරා, ටී.බී. ඒකනායක, ඩබ්ලිව්.එම්.එස්. ෆොන්සේකා, ජයන්ත වීරසිංහ, ඇලෙක් අලුවිහාරේ, රංජිත් අලුවිහාරේ, රාජිත සේනාරත්න, කෙහෙළිය රඹුක්වැල්ල, එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන, රංජිත් සොයිසා, සහ ඩී.එම්. ජයරත්න යන අයගේ නම් දක්වා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...