පුටින් ‍යුක්රේනයට එල්ල කළ ප්‍රහාර ගැන, ට්‍රම්ප්ගේ හොඳ හිත පළුදු වෙයි!

Date:

සටහන – පුලී
මැයි 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
 යුක්රේනයට මොස්කව් එල්ල කළ විශාලතම ගුවන් ප්‍රහාරයෙන් පසුව, තම රුසියානු සහචරයා වන ව්ලැඩිමීර් පුටින් සමඟ තමා අසතුටින් පසුවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

“මොන මගුලක්ද ඔහුට වුණේ? ඔහු ගොඩක් මිනිස්සු මරනවා” ට්‍රම්ප් මෙසේ පවසමින් පුටින් පිස්සෙක් මෙන් ක්‍රියාකරන බව ඇඟවීය.

මෑත කාලීන රුසියානු ප්‍රහාර සම්බන්ධයෙන් වොෂින්ටනයේ නිශ්ශබ්දතාවය පුටින් දිරිමත් කරන බවත්, මොස්කව් මත දැඩි සම්බාධක පැනවීම් ඇතුළුව ඔවුන්ට දැඩි පීඩනයක් එල්ල වී ඇති බවත් යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි මීට පෙර පැවසීය.

ඉකුත් ඉරිදා රාත්‍රියේ රුසියාව විසින් ඩ්‍රෝන යානා සහ මිසයිල 367 ක් එල්ල කිරීමෙන් පසු යුක්රේනයේ පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් දුසිම් ගණනක් තුවාල ලැබූහ.

සඳුදා අලුයම යුක්රේනයට බොහෝ ප්‍රදේශවල ඩ්‍රෝන යානා සහ මිසයිල ප්‍රහාර එල්ල වන බවට අනතුරු ඇඟවීය.

ඊසානදිග කාර්කිව් නගරයේ දරුවෙකු ඇතුළුව, පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව නගරාධිපති ඉහෝර් ටෙරෙකොව් වැඩිදුරටත් පැවසීය.

එපමණක් නොව රුසියාවේ, මොස්කව් නගරාධිපති සර්ජි සොබියානින් පැවසුවේ අගනුවර දෙසට ගමන් කරමින් සිටි යුක්රේන ඩ්‍රෝන යානා දෙකක් ගුවන් ආරක්ෂක ඒකක විසින් විනාශ කළ බවයි. තුවාල කිසිවක් වාර්තා වී නොමැත.

ඉරිදා අගභාගයේදී නිව් ජර්සි හි මාධ්‍යවේදීන් අමතමින් ට්‍රම්ප් පුටින් ගැන මෙසේ පැවසූයේ; ඔහු පුටින්ව බොහෝ කලක සිට හඳුනන බවත්, සැමවිටම ඔහු සමඟ සම්බන්ධ වී සිටින බවත්, නමුත් ඔහු නගරවලට රොකට් යවා මිනිසුන් මරා දමමින් සිටින අතර ඔහු එයට කිසිසේත් කැමති නැති බවත්”ය.

රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වැඩි කිරීම ගැන සලකා බලන්නේද යන්න පිළිබඳව විමසූ විට ට්‍රම්ප් පිළිතුරු දුන්නේ:
“නියත වශයෙන්ම.” යනුවෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට කැබ් එපා, අපේ කැබ් තුන අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට දෙනවා – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW : අපිට කැබ් එපා,...

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කාර්‍යක්ෂමතාව වෙනුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW : බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා...

අබලන් වූ පටු අනාරක්ෂිත පාලම් ගැන රජයේ අවධානය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW : පළාත් පාලන ආයතන...

ලංකා බැංකුව සඳහා තොරතුරු තාක්ෂණ සේවා අනුබද්ධිත ආයතනයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW : ලංකා බැංකුව සඳහා...