උයනක් පිරී පිපී මල් අද පරවෙලා – විහඟුන් ගැයූ ගී වැල් අද නැති වෙලා! සෝ ලතැවුල් මැද බැස ගිය ආකාස කුසුම (PHOTO STORY)

Date:

කොළඹ LNW:හෙළ සිනමා වංශ කතාවේ නිළි රැජිණිය ලෙස විරුදාවලිය ලත් අග්‍රගණ්‍ය රංගන පෞර්ෂයක් වූ මාලනි සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මිය අද (26) දැයෙන් සමු ගත්තාය.

පූර්ණ රාජ්‍ය ගෞරව මැද නිදහස් චතුරශ්‍රයේදී එම අවමංගල්‍ය කටයුතු සිදුකෙරුණු අතර ඊට දේශපාලන නියෝජිතයින්,කලාකරුවන්, විද්වතුන් ඇතුළු මාලනී ෆොන්සේකා මහත්මියගේ රසික රසිකාවියන් රැසක් එක්ව සිටින අයුරු දක්නට ලැබුණා. ඒ අතර තවත් සුවිශාල පිරිසක් සජීව විකාශයන් ඔස්සේද එම අවස්ථාව සමඟ එක්ව සිටියා.

පසුගිය 24 දා අලුයම කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය අභාවප්‍රාප්ත වූ අතර ඒ වන විට ඇය 78 වන වියේ පසුවිය.

1947 වසරේ අප්‍රේල් මස 30 වැනිදා උපත ලැබූ ඇය දශක 06කට වැඩි කාලයක් තම විශිෂ්ට රංගන හැකියාවෙන් හෙළ සිනමාව පෝෂණය කළාය. එපමණක් නොව මෙරට සිනමාව ජාත්‍යන්තර තලයට රැගෙන යාමටද ඇය සමත් විය.

අද උදෑසන සිට මහජන ගෞරවය සඳහා දේහය නිදහස් චතුරශ්‍රයේ තැන්පත් කර තිබුණු අතර පස්වරු 03.30ට ඇය අධ්‍යාපනය ලැබු කැලණිය ගුරුකුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ කලාකරුවන් විසින් දේහය ආගමික වතාවත් සිදුකිරීම සඳහා ඉදිකළ විශේෂ වේදිකාව වෙත රැගෙන එන ලදී.

අනතුරුව පැවති ආගමික වතාවත් සහ අවමංගල්‍ය සභාවෙන් අනතුරව පස්වරු 5.45ට පමණ දේහය චිතකය වෙත රැගෙන යාම සිදු කෙරුණු අතර ඉන්ද්‍රචාපා ලියනගේ සහ ආනන්ද ගමගේ විසින් චිතකය වෙත ගිනි දල්වන ලදී.

දශක හයකට වැඩි කාලයක් ජනාදරයට ලක්වෙමින් නිළි රාජිණිය යන කිරුළ රැකගත් අග්‍රගණ්‍ය කලාකාරිනියක ලෙස මාලනි ෆොන්සේකා සිය දිවිසැරිය එසේ නිම කළාය.

හෙළ සිනමා කෙත අස්වැද්දු නිළි රැජිණියනි ඔබට නිවන් සුව!

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesday: Pasta ඩිෂ් එකක් හොය හොය හිටිය අයට! Creamy Garlic Parmesan Pasta!

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

නූතනත්වය අසමත්වන තැන ඉතිහාසය…

මට උනත් බැලූ බැල්මට කිසිම අදහසක් ගන්න බැහැ දැන්...