අනතුරුදායක භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් කේරළයට ආසන්නයේ දී පෙරලි යයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
මැයි 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කොචි නගරය අසලදී තෙල් සහ අනතුරුදායක භයානක භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ MSC ELSA 3 ලයිබීරියානු ධජය සහිත යාත්‍රාවක් ගිලීයාම හේතුවෙන් ඉන්දියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

නෞකාවේ සිටි සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින් 24 දෙනා බේරාගෙන ඇති නමුත් නෞකාවේ බහාලුම් 640 න් සමහරක් වෙරළ දෙසට ගසාගෙන ගොස් ඇති අතර නෞකාවෙන් සාගරයට මුසුවන තෙල්, ඉන්ධන සහ අනෙකුත් හානිකර ද්‍රව්‍ය පදිංචිකරුවන්ගේ සහ සාගර ජීවීන්ගේ සෞඛ්‍යයට අනතුරක් විය හැකි බවට බලධාරීන් බිය පළ කරති.

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය පැවසුවේ නෞකාවේ භයානක භාණ්ඩ පිරවූ බහාලුම් 13 ක් සහ කැල්සියම් කාබයිඩ් අඩංගු බහාලුම් 12 ක් තිබි ඇති අතර ටැංකිවල ඩීසල් මෙට්‍රික් ටොන් 84.44 ක් සහ උදුන තෙල් මෙට්‍රික් ටොන් 367.1 ක් පමණ සාගර ජලයට මුසු වී ඇත.

කේරළ ප්‍රාන්තයෙන් මෙම වෙරළබඩ ප්‍රදේශය ජෛව විවිධත්වයෙන් පොහොසත් වන අතර එය වැදගත් සංචාරක ගමනාන්තයකි. මේ සම්බන්ධයෙන් කේරළ ප්‍රාන්ත රජය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, මුහුද අසල ජීවත් වන පදිංචිකරුවන්ට වෙරළට ගසාගෙන යා හැකි කිසිදු බහාලුමක් හෝ තෙල් ස්පර්ශ නොකරන ලෙස බලධාරීන් උපදෙස් දී ඇති අතර, ගිලී ගිය නෞකාවට ඕනෑවට වඩා සමීප වීමෙන් වළකින ලෙස ධීවරයින්ගෙන් ඉල්ලා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...