ගෝටාගෝගම අය සාමකාමීව ඉන්න කල් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ – හමුදාපති (VIDEO)

Date:

ගෝල්ෆේස් පිටිය අසල ගෝටාගෝගමෙහි සාමකාමීව විරෝධතාවේ නියැළී සිටින අය ඉවත් කිරීමේ තීරණයක් ගෙන නොමැති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

සාමකාමීව ගෝටාගෝගම දැනට ඇතුළේ සිටින කට්ටිය අපි කොයි වෙලාවකවත් එතනින් යන්න කියලා ඉවත් කළේ නෑනෙ. ඉතින් ගෝටාගෝගම සාමකාමීව එතැන සිටින පුද්ගලයින් වෙනුවෙන් කිසිදු ප්‍රශ්නයක් අපි මේ වෙනකල් දාලා නෑ. අපි එහෙම දාන්න බලාපොරොත්තුවක් නෑ නෙ. ඉතින් ඒක හින්දා සාමකාමීව ඉන්න කල් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඒක සාමකාමී තත්වයෙන් ප්‍රචණ්ඩ තත්වයට පැතිරුණොත් තමයි හැම අවස්ථාවකම ප්‍රශ්නයක් වෙන්නෙ”

හමුදාපතිවරයා මේ බව පැවසුවේ අද (11) මානව හිමිකම් කොමිසමට පැමිණ පිටව යන අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...