ලැබුවා වූ නව වසරේ වඳින්න ගිය දේවාලේ… කාෂ්මීරයේ තෙරපුමකින් 12ක් මරුට!

Date:

ඉන්දියාවේ කාෂ්මීරයේ හින්දු දේවාලයක් අසල ඇතිවූ තදබල තෙරපුමකින් පුද්ගලයන් 12 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්කළ අවාසනාවන්ත පුවතක් වාර්තා වේ.

ලැබුවා වූ 2022 නව වසර ට ආශිර්වාද පතා අද (01) දින පැමිණි හින්දු බැතිමතුන් පිරිස මෙම දේවාලයට ඇතුළු වීමේදී සිදුව ඇති තදබල තෙරපුම මත පුද්ගලයන් 12 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, තවත් පුද්ගලයන් 14 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවත් කාෂ්මීර පොලීසිය පවසයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී මුකේෂ් සිංග් මහතා ට අනුව හටගත් තෙරපුමෙන් තුවාල ලැබූ සියළු පිරිස රෝහල් ගත කරීමට කටයුතු යොදා තිබේ.

මෙම අවාසනාවන්ත සිදුවීම හටගෙන තිබෙන්නේ කාෂ්මීරයේ මාතා වෛෂ්නෝ දේවි දේවාලයේ ය.

මේ පිළිබඳ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද සිය බලවත් කණගාටුව ප්‍රකාශ කර තිබේ.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් දියත් කිරීමට ද කටයුතු යොදා ඇති බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

”ෆාදර්” විනිශ්චය අවි-නිශ්චිතය. ජනවාරි 09 සිට දිවයින පුරා සිනමා ශාලාවලදී!

කොළඹ LNW:එළඹෙන වසරේ තිරගත වීමට නියමිත ෆාදර් චිත්‍රපටයේ මාධ්‍ය...

අල්ලස් නීතිය ශක්තිමත් වන්නේ ඩිජිටල්කරණය වූ ගෙවීම් සමඟද?

2023 අංක 9 දරණ ශ්‍රී ලංකාවේ අල්ලස් හා දූෂණ...

කොළඹ නගර සභාවට මොකද වුණේ ? කැබිනට් ප්‍රකාශක දුන් පිළිතුර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : අද (23)දින පැවැත්වූ...

‘ තිරසර කෘෂි වැඩසටහන’යළි ක්‍රියාවට නැංවේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : ' තිරසර කෘෂි...