වැසි තත්වයේ වෙනසක් – අද (01) කාලගුණය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද (ජුනි 01) දින සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, අද දිනයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ද්වි-රාජ්‍ය විසඳුම’ ක්‍රියාත්මක කිරීමට එක්වෙන්න චීනයෙන් ඉල්ලීමක්!

කොළඹ LNW:‘පලස්තීන ප්‍රශ්නය සාමකාමීව විසඳීම සහ ද්වි-රාජ්‍ය විසඳුම ක්‍රියාත්මක...

රෝහිතගේ දියණිය අද මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත!

රෂිකා හෙන්නායක ජූලි 31, කොළඹ LNW : අත්අඩංගුවට ගනු...

වාර්තාගත සංචාරක පැමිණීමක්!

කොළඹ LNW:මේ වසරේ ගතවු කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි...