රුක්මාල් ලංකාවේ බොක්සිං ප්‍රංශයේදී රත්තරන් කරයි

Date:

ප්‍රංශයේ Argenteuil හී පැවති Les Ceintures International Boxing Meet 2022 තරගාවලියේ කිලෝ ග්‍රෑම් 57 බර පංතියේ ජයග්‍රහණය ලබන්නට ශ්‍රී ලංකාව නියෝජනය කළ රුක්මාල් ප්‍රසන්න සමත් වී තිබෙනවා.ජාත්‍යන්තර අත්දැකීම් ඇති තරුණ ක්‍රීඩකයෙක් වෙන රුක්මාල් ප්‍රසන්න ඉංගිරිය ගාමිණි මධ්‍ය විද්‍යාලයේ බොක්සිං කවයෙන් ශ්‍රී ලංකා යුද හමුදා බොක්සිං සංචිතයට පිවිස ජාතික නියෝජනය දක්වා පෙරට පැමිණි ක්‍රීඩකයෙක්.

ප්‍රසන්න මූලික වටයේදී ඉතාලියේ ෆ්‍රයිල්මාෂ් පරාජය කරමින් අවසාන වටයට පිවිසෙන අතර අවසාන තරඟයේදී ඔහු අතින් පරාජයට පත්වෙන්නේ කැනඩාවේ අල් අහමදිහ් ය.දිමුතු දිනේෂ් යටතේ පුහුණුව ලබන රුක්මාල් මෙම තරගයට එක් වි සිටින්නේ හිටපු ප්‍රවින බොක්සිං ක්‍රීඩකයෙක් මෙන්ම වර්ථමාන ශ්‍රී ලංකා බොක්සිං පරිපාලනයට සම්බන්ධ අබ්දුල්ලා ඉබිනු සමඟයි.මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර විනිසුරුවරියක් ලෙස ප්‍රබුද්ධිකා ශ්‍යාමලීත් එක්ව සිටිනවා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මර්වින්ට එරෙහි නඩු විභාගය ඇරඹේ. තමන් නිවැරදිකරු බව මර්වින් කියයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ මාර්තු මස 31 වනදා...

මීටියාගොඩ වෙඩිතැබීමක්. කාන්තාවක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල...

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...