බංකොලොත් භාණ්ඩාගාරයත් රනිල්ගේ කරටම !

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය තනතුරට පත් කළද මේ දක්වා කැබිනට් මණ්ඩලය සම්පූර්ණ කර නොමැත. අමාත්‍ය තනතුරු හතරක් ඊයේ සම්පූර්ණ කළ නමුත් තීරණාත්මක හා ප්‍රබල අමාත්‍ය තනතුරු රැසක් හිස්ව පවතී.

පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන්ගේ එකතුවෙන් නව කැබිනට් මණ්ඩලය බිහි කරන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ නමුත් මේ දක්වා ඇමති තනතුරු බාර ගැනීමට එකඟ වී තිබෙන්නේ පොදුජන පෙරමුණ පමණි. විපක්ෂයේ සෙසු සියලු පක්ෂ හා කණ්ඩායම් ආණ්ඩුවට එකතුවීම ප්‍රතික්ෂේප කර තිබේ.

ඊයේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම හමු වූ අතර එහිදී කැබිනට් මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබෙනවා.

එහිදී, මුදල් අමාත්‍යංශය යළිත් බාරගන්නා ලෙස හිටපු මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතාගෙන් ඉල්ලා තිබෙනවා. කෙසේ නමුත් සබ්‍රි මහතා එය ප්‍රතික්ෂේප කර ඇති අතර පවුලේ සාමාජිකයන්ගෙන් එල්ල වන දැඩි විරෝධය හේතුවෙන් මුදල් අමාත්‍යංශය බාරගත නොහැකි බව ඔහු පවසා තිබෙනවා.

කෙසේ නමුත් අගමැතිවරයාට උපරිම සහයෝගය ලබාදෙන බවට ඔහු සහතික වී තිබේ.

දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ මුදල් අමාත්‍යංශයද අගමැතිවරයා යටතේම ක්‍රියාත්මක වනු ඇති බවයි. ඊට එක් හේතුවක් වන්නේ බංකොලොත් වී ඇති මහා භාණ්ඩාගාරය බාර ගැනීමට කිසිදු මන්ත්‍රීවරයෙකු ඉදිරිපත් නොවීමයි. අනෙක් පැත්තෙන් මුදල් අමාත්‍යංශය සඳහා වඩාත් සුදුසු පුද්ගලයා වික්‍රමසිංහ මහතා බව ඊයේ පැවති රැස්වීමේදී බොහෝදෙනා ප්‍රකාශ කර තිබේ.

මීට අමතරව විදෙස් රටවල් සමග සහ මුල්‍ය ආයතන සමග ගනුදෙනු කිරීමේදී රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කිරීම වඩාත් වාසිදායක බව මන්ත්‍රීවරුන් පවසා ඇති අතර ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඉදිරියේදී පැවැත්වෙන සාකච්ඡාවලදීද මෙරට නියෝජිත පිරිසේ ප්‍රධානියා ලෙස අගමැතිවරයා කටයුතු කරනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දුම්රිය වැඩවර්ජනය ඇරඹේ. කාර්යාල දුම්රිය ක්‍රියාත්මක බව දෙපාර්තමේන්තුව කියයි

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරෙන් ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...