මේ මොහොතේ අවශ්‍ය ජාතිවාදය ද?

Date:

ඩේලිමිරර් පුවත්පත ඡායාරූපයක් සමඟ පළකල ආන්දෝලනාත්මක පුවතක් පිළිබඳව කතාබහක් ඇතිවෙමින් තිබේ. වෙසක් උත්සවය සැමරීමට අදාළව කුරගල ඓතිහාසික පුදබිම අසළ ගත් ඡායාරූප පෙළක් සමඟ ඩේලිමිරර් පුවත්පත දක්වා තිබෙන්නේ මෙවන් පුවතකි.

Kuragala, the great festival of the wonderful era that a country and a nation have been waiting for.

එහි සිංහල අර්තය නම්, “රටක් ජාතියක් බලා සිටි අසිරිමත් යුගයේ මහා මංගල්‍යය වන කුරගල මෙයයි,” යන්නයි.

මෙම පුවතට අදාළව බරපතල විවේචනයක් ගොඩනැඟෙමින් තිබේ. රට තුළ මතුව ඇති ආර්ථික, සමාජීය හා දේශපාලනික අස්ථාවරභාවය හමුවේ පෙර නොවූ විරූ පරිදි මුළුමහත් ශ්‍රී ලංකාවක්ම ජාති, ආගම් හෝ වෙනත් භේද පසෙකලා තනි අරගලයක කොටස්කරුවන් වශයෙන් වීදි බැස සිටින මෙවන් මොහොතක එක් ආගමක් හෝ ජාතියක අවශ්‍යතාවය පමණක් උසස් යැයි හැඟෙන කිසිවක් ප්‍රවර්ධනය නොවිය යුතුය. ඩේලි මිරර් පුවත්පතේ පළකර තිබෙන ඡායාරූප සමඟ දැක්වෙන්නේ රටක් ජාතියක් බලා සිටි අසිරිමත් යුගයේ මහා මංගල්‍යය කුරගල පැවැත්වෙන බවයි.

ඒ අනුව, එවන් මතවාදයක් ප්‍රවර්ධනය කිරීම ජාතිවාදී හා ආගම්වාදී  මුහුණුවරක් ගන්නා බවට විවේචනයක් ගොඩනැඟෙමින් තිබේ. කෙසේවෙතත් ඩේලි මිරර් පුවත්පත මේ වන විට එම පුවත ඉවත්කරගෙන ඇති බවක් දක්නට ලැබේ.

මේ අතර, ඕස්ට්‍රේලියාවේ මීටත් වඩා බරපතල සිදුවීමක් පිළිබඳව තොරතුරු වාර්තා වෙයි. ඊයේ (15) දින ඕස්ට්‍රේලියාවේ පැවැත්වුනු ගෝඨාගෝගම විරෝධතාවයකට එක්වූ දමිළ ශ්‍රී ලාංකික පුද්ගලයන් විසින් යුධකාලසීමාව තුළ සිදුවූ මනුෂ්‍ය ඝාතනයන්ට අදාළව කරුණු දක්වා ඇති අත්පත්‍රිකා බෙදමින් රාජපක්ෂ විරෝධී ජනඅරගලයට සහාය ලබා දීමට තැත්කරන විට විරෝධතාකරුවන් අතින් ඔවුනට විවිධ කෙණහිලිකම් සිදුවන හා ඔවුන් ලබා දෙන අත්ප්‍රතිකා ඉරා දමන දසුන් ඇතුළත් වීඩියෝපටයක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතී.

යුධ තත්ත්වයකදී දෙපාර්ශවයෙන්ම ජීවිත අහිමි වීම සාමාන්‍ය දෙයකි. එහිදී එක් පාර්ශවයකට මිය ගිය තම ආදරණීයයන් වෙනුවෙන් හඬ නැඟීමට අවශ්‍ය නම් ඊට පැහැදිලිවම අයිතිය තිබිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය යනු එයයි. දමිළ ප්‍රජාවගේ ඉල්ලීම් සාධාරණ ද යන්න පිළිබඳව වෙනම විවාද කළ යුතු ය. එහෙත් අරගලකරුවන් වීදි බැස තිබෙන්නේ එක් පොදු අරමුණක් කරා ය. එවන් මොහොතක දමිළ ශ්‍රී ලාංකිකයන්ට මෙසේ කෙණහිලිකම් කිරීම බරපතල ගැටළුවක් වන අතර කිසිසේත්ම අනුමත කළ හැක්කක් නොවේ.

මීට දින දෙකකට ඉහත ඉන්දියානු මාධ්‍ය විසින් ත්‍රස්ත ප්‍රහාරයක් දියත් වීමට අදාළ පුවතක් සංසරණය වීම සමඟ යළි “කොටි නැඟිටීමේ” කතිකාවත සමාජය තුළ නිර්මාණය විය. මේ සමඟ ජාතිවාදී ප්‍රවාහ ශක්තිමත් වීම ද ආරම්භ වී ඇති සෙයකි ඉහත සිදුවීම් දෙකෙන් පෙනී යන්නේ.

හුදෙක් අවිහිංසාවාදී හා මානුෂීය අරගලයක් නිමවී ඇති මෙම මොහොතේ බෙදීම ප්‍රවර්ධනය කරන හෝ ජාතීන් අතර විරසක ඇතිකරන කිසිවකට පැවැත්මක් නොමැති බව සඳහන් කළ යුතු ය.

ප්‍රමෝද් චින්තක පීරිස්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඩුලු වර්ෂාවට හසු නොවුණ කුසල්ගේ ඉණිමෙන් ලංකාවට ඉණිමක ජයක් බලාපොරොතුවක්

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්!

කොළඹ LNW:දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo...

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...