සාමකාමීව ගෙදර ගියා නං මේ කිසිදු අවාසනාවන්ත තත්වයක් ඇතිවෙන්නෙ නෑ – සජිත් (Video)

Date:

සාමකාමී සමුගැනීමක් වෙනුවට ප්‍රචණ්ඩත්වය නිර්මාණය කරමින් අරලියගහ මැදුරේදී රාජපක්ෂලා කළ උසිගැන්වීමේ ප්‍රතිඵලය වූයේ මුළු රටම ප්‍රචණ්ඩත්වයට යොමු වීම බවත්, එයින් මහා විනාශයක් සිදුවූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

දින 30 ක සාමකාමී අරගලයට ගිනි තැබුවේ අරලිය ගහ මැදුරේ සිදුවූ මිලේච්ඡත්වය තුළින් බව පැවසූ විපක්ෂ නායකයා, එම ම්ලෙච්ඡත්වයත් , එහි ප්‍රතිඵලයක් ලෙස රටපුරා ඇති වූ ප්‍රචණ්ඩත්වයත් තරයේ හෙළා දකින බව ද පැවසීය. ඇති වූ විනාශකාරී තත්වයට රාජපක්ෂ සහෝදරවරුන් සියලු දෙනා වගකිව යුතු බවද සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මෙම ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට සම්බන්ධ වූ සියලුදෙනා අත්අඩංගුවට ගෙන සාධාරණ පරීක්ෂණයක් පවත්වා ඔවුන්ට ද‌ඬුවම් ලබාදිය යුතු බවයි ප්‍රේමදසා මහතා අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සඳහන් කළේ.

ජනතා මතයට කන්දෙමින් සාමකාමී සමුගැනීමක් සිදු කළේ නම් මෙම කිසිදු සිදුවීමක් සිදු නොවන බවද විපක්ෂ නායකයා අවධාරණය කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...