උද්ධමනය තවදුරටත් ඉහළට, ආර්ථික අවපාතය තවදුරටත් – මහ බැංකුවෙන් නිවේදනයක් !

Date:

පවතින බලශක්ති අර්බුදය ඇතුළු ගැටලු හේතුවෙන් රට මුහුණ දෙන ආර්ථික අවපාතය තවත් කාලයක් පවතිනු ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව අනාවැකි පළ කරනවා. ආර්ථික අවපාතයට ක්ෂණික පිළියම් නොමැති බවත්, කෙසේ නමුත් අවපාතය හැකිතරම් අවම කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් මහ බැංකුව සඳහන් කරයි.

උද්ධමනයද තවදුරටත් ඉහළ යනු ඇති බවයි මහ බැංකුව ප්‍රකාශ කරන්නේ. මහ බැංකුව පවසන පරිදි මේ වනවිට මෙරට උද්ධමනය 21.5% ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කෙසේ නමුත් ජාත්‍යන්තර ආයතන පෙන්වා දෙන්නේ මහ බැංකුව විසින් ප්‍රකාශිත අගය මෙන් හය ගුණයකටත් වඩා වැඩි අගයක් දක්වා උද්ධමනය ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර ප්‍රතිපත්ති පොළී අනුපාතික අගයන් නොවෙනස්ව පවත්වාගෙන යාමට මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව නිත්‍ය තැන්පතු පොළී අනුපාතය 13.5% ක් ලෙසත්, නිත්‍ය ණය පොළී අනුපාතය 14.5% ක් ලෙසත් අඛණ්ඩව පවතිනු ඇත.

අප්‍ර්ල් මාසය අවසන් වනවිට රට සතු විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.8 ක් දක්වා අවම වී තිබේ. ඒ චීන මහජන බැංකුවෙන් ලැබුණු ඩොලර් බිලියන 1.5 ක විනිමය හුවමාරු පහසුකමද ඇතුළත්වයි. මෙම සංචිතවලින් ආනයන කටයුතු සඳහා භාවිතා කළ හැකි ඩොලර් ප්‍රමාණය ඉතා සීමිත වන අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ඉන්ධන නෞකාවක් මිලදී ගැනීමට තරම් හෝ ඩොලර් නොමැති බවයි.

මේ වනවිට විනිමය අනුපාතික යම් ප්‍රමාණයකට ස්ථාවර මට්ටමකට පැමිණ ඇති අතර, විනිමය අනුපාතික පාලනය සැහැල්ලු කිරීම හමුවේ ඉදිරියේදී රටට ලැබෙන විදේශ ප්‍රේෂණ ප්‍රමාණය තරමක් ඉහළ යනු ඇති බවයි මහ බැංකුව පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...

වැඩිහිටි අපයෝජනය ගැන කියන්න වට්ස්ඇප් අංකයක්!

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෑම වසරකම ජුනි...