දුමින්දගේ පිස්තෝලයක් සහ සේමසිංහගේ පවුම් 60ක රන්බඩු අතුරුදන් ලු

Date:

පසුගිය මැයි 09 වැනිදා හිටපු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ස‍හ උතුරු මැද පළාත් සභාවේ හිටපු අමාත්‍ය එච්. බී. සේමසිංහ මහතාගේ නිවෙස්වලට එල්ල වූ ප්‍රහාර හමුවේ ඔවුන් සතු භාණ්ඩ අතුරුදන් වීම සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසියට පැමිණිලි ඉදිරිපත්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම අවස්ථාවේදී දුමින්ද දිසානායක මහතාගේ නිවසේ තිබූ ලියාපදිංචි කළ 9mm වර්ගයේ පිස්තෝලයක් අතුරුදන්ව ඇති බවට පැමිණිල්ලක් මන්ත්‍රීවරයාගේ සහෝදරයෙකු විසින් ඉදිරිපත් කර ඇති බව සඳහන්.

එමෙන්ම හිටපු රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාගේ පියා වන එච්. බී. සේමසිංහ මහතාගේ නිවසේ තිබූ පවුම් හැටක රන්භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බවට ද පැමිණිල්ලක් එච්. බී. සේමසිංහ මහතා විසින් ඉදිරිපත් කර තිබේ. තම බිරිඳට අයත් එම රන් භාන්ඩවල වටිනාකම රුපියල් එක්කෝටි විසිහය ලක්ෂයක් බවයි ඒ මහතා සිය පැමිණිල්ලෙන් සඳහන් කර ඇත්තේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...