දුමින්දගේ පිස්තෝලයක් සහ සේමසිංහගේ පවුම් 60ක රන්බඩු අතුරුදන් ලු

Date:

පසුගිය මැයි 09 වැනිදා හිටපු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ස‍හ උතුරු මැද පළාත් සභාවේ හිටපු අමාත්‍ය එච්. බී. සේමසිංහ මහතාගේ නිවෙස්වලට එල්ල වූ ප්‍රහාර හමුවේ ඔවුන් සතු භාණ්ඩ අතුරුදන් වීම සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසියට පැමිණිලි ඉදිරිපත්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම අවස්ථාවේදී දුමින්ද දිසානායක මහතාගේ නිවසේ තිබූ ලියාපදිංචි කළ 9mm වර්ගයේ පිස්තෝලයක් අතුරුදන්ව ඇති බවට පැමිණිල්ලක් මන්ත්‍රීවරයාගේ සහෝදරයෙකු විසින් ඉදිරිපත් කර ඇති බව සඳහන්.

එමෙන්ම හිටපු රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාගේ පියා වන එච්. බී. සේමසිංහ මහතාගේ නිවසේ තිබූ පවුම් හැටක රන්භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බවට ද පැමිණිල්ලක් එච්. බී. සේමසිංහ මහතා විසින් ඉදිරිපත් කර තිබේ. තම බිරිඳට අයත් එම රන් භාන්ඩවල වටිනාකම රුපියල් එක්කෝටි විසිහය ලක්ෂයක් බවයි ඒ මහතා සිය පැමිණිල්ලෙන් සඳහන් කර ඇත්තේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...

ADB වෙතින් මහවැලියට ඩො.මි. 200ක ණය පහසුකමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 ,කොළඹ LNW : මහවැලි ගඟේ අතිරික්ත...

චීනයේ ඉහළම වාර්ෂික ආර්ථික කාර්ය සැසිවාරය චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:චීනයේ මධ්‍යම ආර්ථික කාර්ය සැසිවාරය දින දෙකක් පුරා...