බියකරු යුගයකට අපි ගමන් කරන්නේ. රටේ ආර්ථිකය 25%කින් හකුළුවමු – චම්පික (VIDEO)

Date:

මිත්‍ර රාජ්‍යයන් අපට උදව් නොකරන්නේ නම් රටේ ආර්ථිකය 25%කින් සංකෝචනය කරගෙන අප මෙම ආර්ථික අර්බුදයට මුහුණ දීමට වැඩපිළිවෙලක් සකස් කරගත යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

“ශ්‍රී ලංකාව ස්වෛරී බංකොලොත්භාවයක් ඊයේ (19) ප්‍රකාශයට පත් කළා. ඒ අනුව අපට නැවත තව දශකයකටවත් අන්තර්ජාතික වෙළඳපොලෙන් ණය ලබාගන්න අපහසුයි. දැනටමත් චීනය තමන්ගෙ තදබල විරෝධත්වය පළ කරලා තියෙනවා අපි ඒ අයගේ ද්විපාර්ශ්වීය ණය ආපසු නොගෙවීම සම්බන්ධයෙන්. ඒ නිසා අපි හිතන තරම් ඉක්මනට තෙල් පෝලිම්, ගෑස් පෝලිම් නතරවෙන පාටක් නම් නෑ. මේ ඉදිරි මාස කිහිපය ඇතුළත ලක්ෂ සංඛ්‍යාත පිරිසකට රැකියා අහිමිවෙන්න නියමිතයි. ළදරුවන් සහ වැඩිමහල්ලන් සෞඛ්‍ය ප්‍රශ්න මත මරණය කරා යන බියකරු යුගයකට අපි ගමන් කරමින් තියෙනවා.

මොකක්ද විසඳුම ? හොඳ දේශපාලන ස්ථාවරත්වයක් මුලින් ඇතිකර ගත යුතුයි. මිත්‍ර රාජ්‍යයන් කියන ඒවා අපට උදව් කරන්නේ නැත්නම් අපට කරන්න තියෙන්නේ එකම දෙයයි. අපි ආර්ථිකයේ වර්ධනය අමතක කරලා ආර්ථිකය හැකිතාක් දුරට සංකෝචනය කරගමු. මගේ යෝජනාව අපි පරිභෝජන අවශ්‍යතා 25%කින් සංකෝචනය කරගෙන අපි මේ ගමන ඉදිරියට යන්න කටයුතු කරන්න ඕනෙ. ඒ සඳහා විවෘතව ජනතාවට කරුණු ඉදිරිපත් කරන්න ඕනෙ. ගෑස් ප්‍රශ්නය, තෙල් ප්‍රශ්නය සම්බන්ධයෙන් ගත්තොත් අපි අඩු ගාණෙ දෙන්න පුළුවන් මෙන්න මේ ගොල්ලන්ට විතරයි කියලා හරි කියන්න වැඩපිළිවෙලක් අපි දැන් හදාගන්න ඕනෙ මිනිස්සු පාරවල්වල රස්තියාදු කරන්නේ නැතුව”

චම්පික රණවක මහතා මේ බව පැවසුවේ ඊයේ (20) 43 වැනි සේනාංකය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාර්ල්ස් රජුගේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මුහම්මද් යූනුස් “Harmony Award 2025” සම්මානයෙන් පිදුම් ලබයි!

සටහන – පුලීජූනි 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ...

හෙට දකින උළෙලක අදට වඩා වටිනාකමක් දී දැකිය යුතු ප්‍රතිපල

නිශ්මං රණසිංහ ජුනි 16, කොළඹ LNW: මීටර් 400 කඩුලු ඉසව්ව...

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...