මහබැංකු අධිපතිගෙන් මනූෂට ඉලක්කයක් …. !

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සහ ශ්‍රී ලංකා මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (21) පැවැත්වී තිබේ.

ඒ, විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබෙන ප්‍රේෂණ ප්‍රමාණය වැඩිකර ගැනීම සම්බන්ධයෙනි.

එහිදී මහබැංකු අධිපතිවරයා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාට ප්‍රකාශ කර ඇත්තේ මාස කිහිපයක් ඇතුළත ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 500කින් ඉහළ නංවා දියහැකි නම් ඒ මුදල් ද යොදවා රටට අත්‍යාවශ්‍ය පෙට්‍රල්, ඩීසල් සහ ඖෂධ හිඟයකින් තොරව ලබාදීමට හැකිවනු ඇති බවයි.

ඒ අනුව මාස තුනක් ඇතුළත ප්‍රේෂණ ප්‍රමාණය එතරම් ඉහළ පරිමාණයකින් නැංවීමේ වගකීම කෙසේ හෝ ඉටුකිරීමට මනූෂ නානායක්කාර මහතා නොපැකිළෙමින් භාරගෙන ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...