මහබැංකු අධිපතිගෙන් මනූෂට ඉලක්කයක් …. !

Date:

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සහ ශ්‍රී ලංකා මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (21) පැවැත්වී තිබේ.

ඒ, විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබෙන ප්‍රේෂණ ප්‍රමාණය වැඩිකර ගැනීම සම්බන්ධයෙනි.

එහිදී මහබැංකු අධිපතිවරයා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාට ප්‍රකාශ කර ඇත්තේ මාස කිහිපයක් ඇතුළත ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 500කින් ඉහළ නංවා දියහැකි නම් ඒ මුදල් ද යොදවා රටට අත්‍යාවශ්‍ය පෙට්‍රල්, ඩීසල් සහ ඖෂධ හිඟයකින් තොරව ලබාදීමට හැකිවනු ඇති බවයි.

ඒ අනුව මාස තුනක් ඇතුළත ප්‍රේෂණ ප්‍රමාණය එතරම් ඉහළ පරිමාණයකින් නැංවීමේ වගකීම කෙසේ හෝ ඉටුකිරීමට මනූෂ නානායක්කාර මහතා නොපැකිළෙමින් භාරගෙන ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැබිනට් තීරණ දැනුම්දීම උණුසුම් කළ රංවලගේ තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16 , කොළඹ LNW : පා....

තනතුරු බෙදාගත්තට වැඩක් නැහැ. කිසිවක් වලංගු නැහැ – දයාසිරි ලිපියක් නිකුත් කරමින් කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව...

මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : මෙරට විශ්වවිද්‍යාල සහ...

අඩපණ වූ නැගෙනහිර දුම්රිය මාර්ගය දින 18 කට පසු යළි හිස ඔසවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ඉකුත් දා ඇති...