WHO මෙරට නිත්‍ය නියෝජිතවරිය සහ සජිත් අතර හමුවක්. ඖෂධ හිඟය පිළිබඳ සාකච්ඡා …

Date:

ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිත්‍ය නියෝජිත අලකා සිං මහත්මිය ඊයේ (23) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවිය.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නැංවීම උදෙසා අවශ්‍ය කරන සහයෝගය පෙරටත් වඩා ශක්තිමත් ලෙස ලබා දෙන ලෙස විපක්ෂ නායකවරයා එහිදී ඉල්ලා සිටියේය. විශේෂයෙන්ම මෙරට තුළ පවත්නා ඖෂධ හිඟය පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු වූ අතර, ඒ තත්ත්වයට කඩිනම් විසඳුම් අවශ්‍ය බව ට එම සාකච්ඡාවේදී අවධානය යොමු කරනු ලැබීය.

සමගි ජන බලවේගයෙන් ක්‍රියාත්මක “විපක්ෂයේ හුස්මක්” හරහා රෝහල් 50ක් ඉක්මවා සිදුකොට ඇති උපකරණ පරිත්‍යාගය පිලිබදව එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් දීර්ඝ වශයෙන් පැහැදිලි කළ අතර ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිත්‍ය නියෝජිතවරියගේ ප්‍රසංසාව හිමිවිය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“වාම රාජ්‍ය” ෆැන්ටසියක්ද, යථාර්ථයක්ද ?

ඕනෑම මිනිස් සමාජයක් තුල ස්වභාවිකවම පිළිසිඳගන්න අනිවාර්ය මනෝව්‍යාධීන් කිහිපයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (21) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 21) දිනයේදී නැගෙනහිර, ඌව...

Rebuilding Sri Lanka:අඟුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරීන්ගෙන් සහ රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්!

කොළඹ LNW: අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට...

ගුවන සෙලවෙයි

    නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මැලිබන් කුසලාන ජාතික රග්බි...