අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ ආනයනය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් ලබාදීමට ඉන්දියාව එකඟ වී තිබෙනවා. ඉන්දියාවෙන් භාණ්ඩ ආනයනය කිරීමේදී මෙම ණය සහනය හිමිවන බවයි වාර්තා වන්නේ.
මීට අමතරව ඉන්ධන මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් සහ හුවමාරු ණයක් ලෙස තවත් ඩොලර් මිලියන 400 ක මුදලක් ලබාදීමටද ඉන්දියාව එකඟතාවය පළකර තිබෙනවා. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස මෙම ණය මුදල් හිමිවන බව වාර්තා වේ.
චීනයෙන් පසුගියදා ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක ණයක් හිමි වූ අතර මීට අමතරව කටාර් රාජ්‍යයද ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ලබාදීමට එකඟ වී තිබෙනවා.
UN