මහ බැංකුවේ ස්වාධීනත්වයට බාධා කරන්නේ නැහැ – ජනාධිපති

Date:

මහ බැංකුවේ කාර්යභාරය ස්වාධීනව කරගෙන යාමට රජයේ පූර්ණ සහය ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා තිබේ.

ඒ, අද (28) ජනාධිපතිවරයා සහ මහා බැංකු අධිපතිපතිවරයා ඇතුළු මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයින් අතර ජනාධිපති මන්දිරයේදී පැවති සාකච්ජාවේදීය.

ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සහයද ඇතිව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල,ලෝක බැංකුව ඇතුළු මූල්‍ය ආයතන සමඟ සාකච්ජා කරමින් මෙරට ආර්ථිකය යළි ගොඩනැගීම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙල සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන තිබෙන බවයි මෙහිදී මහ බැංකු අධිපතිවරයා පෙන්වා දී ඇත්තේ.

මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු ආරම්භ කළ කෙටි කාලය තුළ මූල්‍ය අර්බුදය පාලනයට,එය යහපත් අතට ගැනීමටත් මහා බැංකු අධිපතිවරයා ලෙස නන්දලාල් වීරසිංහ මහතා ගත් ක්‍රියා මාර්ග මෙහිදී ජනාධිපතිවරයා පැසසුමට ලක්කර තිබේ.

මේ අතර උද්ධමනය පාලනයට සහ ආර්ථිකයේ ශක්තිමත්භාවය වෙනුවෙන් ගෙන තිබෙන ක්‍රියාමර්ග ගැනද මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කිරීමට මහ බැංකු අධිපතිවරයා කටයුතු කර ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...