ඊශ්‍රායල හමුදා සිරියාවේ ඩැමස්කස් වෙත බෝම්බ ප්‍රහාර එල්ල කරයි

සටහන: සශිකලා මධුෂාණි

ජුලි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් දමස්කස් හි සිරියානු ආරක්ෂක අමාත්‍යාංශයට සහ දකුණු සිරියාවේ රජයේ හමුදාවලට ප්‍රහාර එල්ල කර තිබේ.

දමස්කස් වෙත යන අධිවේගී මාර්ගයේදී ඩ්‍රූස් වෙළෙන්දෙකු පැහැරගෙන යාමෙන් සුවෙයිඩා හි බෙඩොයින් ගෝත්‍රිකයන් සහ ඩ්‍රූස් මිලීෂියා කණ්ඩායම් අතර සටන ඇවිළී ගිය අතර සන්නද්ධ ඩ්‍රූස් සටන්කරුවන් බෙඩොයින්වරුන් වාසය කරන සුවෙයිඩා නගරයේ අසල්වැසි ප්‍රදේශය පුරා ප්‍රචන්ඩ ක්‍රියා පතුරුවා ඇත.

මේ හේතුවෙන් දැනට පුද්ගලයන් 300ක් පමණ ජිවිතක්ෂට පත්ව ඇති අතර ප්‍රහාරයේ වගකීම බාර ගනිමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේ තම හමුදා අපගේ ඩ්‍රූස් සහෝදරයන් බේරා ගැනීමට සහ පාලන තන්ත්‍රයේ කල්ලි තුරන් කිරීමට කටයුතු කරන බවයි.

සුන්නි ඉස්ලාමීය නායකත්වයෙන් යුත් කැරලිකරුවන් දෙසැම්බර් මාසයේදී ජනාධිපති බෂාර් අල්-අසාද් පාලනය බිඳ වැටීමෙන් පසු ඊශ්‍රායල හමුදාව සිරියාව පුරා සිය ගණනක් ප්‍රහාර එල්ල කර රටේ හමුදා වත්කම් විනාශ කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හිමියන්ගේ නඩු තීන්දුව ගැන සරත් එන්. සිල්වාගෙන් ප්‍රකාශයක්

කොළඹදී පැවති ආගමික හා සමාජීය සමුළුවක් අමතමින් හිටපු අගවිනිසුරු...

ඉරාන යුද්ධයෙන් එල්ල වූ බලශක්ති පීඩනය හමුවේ වියදම් කැපකිරීම හැර වෙනත් විකල්පයක් නෑ – IMF

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 14, කොළඹ LNW : ඉරාන යුද්ධය හේතුවෙන්...

ඥානසාර හිමිගේ චීවරය ඉවත්කිරීමට එරෙහි පෙත්සම සලකා බැලීමට විනිසුරු මඩුල්ලක් නම් කෙරේ!

කොළඹ LNW:සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ...

‘අපි නැවත Grey List එකට ඇතුළත් නොවේ’: මහ බැංකු අධිපතිගෙන් දැඩි සහතිකයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ශ්‍රී ලංකාව මූල්‍ය...