ඊශ්‍රායල හමුදා සිරියාවේ ඩැමස්කස් වෙත බෝම්බ ප්‍රහාර එල්ල කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

ජුලි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් දමස්කස් හි සිරියානු ආරක්ෂක අමාත්‍යාංශයට සහ දකුණු සිරියාවේ රජයේ හමුදාවලට ප්‍රහාර එල්ල කර තිබේ.

දමස්කස් වෙත යන අධිවේගී මාර්ගයේදී ඩ්‍රූස් වෙළෙන්දෙකු පැහැරගෙන යාමෙන් සුවෙයිඩා හි බෙඩොයින් ගෝත්‍රිකයන් සහ ඩ්‍රූස් මිලීෂියා කණ්ඩායම් අතර සටන ඇවිළී ගිය අතර සන්නද්ධ ඩ්‍රූස් සටන්කරුවන් බෙඩොයින්වරුන් වාසය කරන සුවෙයිඩා නගරයේ අසල්වැසි ප්‍රදේශය පුරා ප්‍රචන්ඩ ක්‍රියා පතුරුවා ඇත.

මේ හේතුවෙන් දැනට පුද්ගලයන් 300ක් පමණ ජිවිතක්ෂට පත්ව ඇති අතර ප්‍රහාරයේ වගකීම බාර ගනිමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේ තම හමුදා අපගේ ඩ්‍රූස් සහෝදරයන් බේරා ගැනීමට සහ පාලන තන්ත්‍රයේ කල්ලි තුරන් කිරීමට කටයුතු කරන බවයි.

සුන්නි ඉස්ලාමීය නායකත්වයෙන් යුත් කැරලිකරුවන් දෙසැම්බර් මාසයේදී ජනාධිපති බෂාර් අල්-අසාද් පාලනය බිඳ වැටීමෙන් පසු ඊශ්‍රායල හමුදාව සිරියාව පුරා සිය ගණනක් ප්‍රහාර එල්ල කර රටේ හමුදා වත්කම් විනාශ කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධම්මිකගේ LB ෆිනෑන්ස් පිලිපීනයටත් ව්‍යාප්ත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල LB Finance PLC සිය කලාපීය සේවා...

අද (18) දවසේ තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

මේ වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 22 ඉක්මවයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ...

බාල ඖෂධ සිද්ධිය : ලංකාවට ඖෂධ ආනයනය කෙරෙන්නේ ඇමතිවරුන් හෝ රජයන් මත නෙවෙයි – SPC සභාපති

ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය කිරීම සිදුවන්නේ අමාත්‍යවරුන් හෝ රජයන්...