අනුර ජනාධිපතිතුමාගේ ප්‍රතිඵල සැප්තැම්බර් 21 නිකුත් වෙයි!

කොළඹ LNW:එළඹෙන සැප්තැම්බර් 21 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිඵල නිකුත් වනු ඇති බව ජනරජ පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

එය ජන්ද ප්‍රතිඵල මෙන් නොව දුන් පොරොන්දු කසිවක් ඉටු කර නොමැති පසුබිමක නිකුත් වන ප්‍රතිඵල බවයි රණවක මහතා පෙන්වා දෙන්නේ.

”සැප්තැම්බර් 21 අනුර දිසානායක ජනාධිපතිතුමාගේ ප්‍රතිඵල නිකුත් වෙයි. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල වගේ. ජන්ද ප්‍රතිඵල වගේ නෙවෙයි. අපිට පේනවනේ දීපු පොරොන්දු මොකුත් ඉටුවෙලා නෑනේ. පොරොන්දුවලට හාත්පසින්ම වැරදි වැඩ ටික තමයි කරලා තියෙන්නේ. එතුමාට ආය කවුරුත් විපක්ෂයක් අවශ්‍ය නෑ. සප්ත්ම්බර් 21ට කලින් එතුමා එතුමාගේ පක්ෂ අය කරපු ප්‍රකාශ ටිකම ඇති එතුමාගේ විපක්ෂය වෙන්න. හරියටම ඊට ප්‍රතිවිරුද්ධ දේවල් ටික තමයි කරලා තියෙන්නේ ” යනුවෙන් රණවක මහතා කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘අපි නැවත Grey List එකට ඇතුළත් නොවේ’: මහ බැංකු අධිපතිගෙන් දැඩි සහතිකයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ශ්‍රී ලංකාව මූල්‍ය...

බැසිල්ට එරෙහිව Interpol රතු නිවේදන ලබා ගැනීමට ශ්‍රී ලංකාවෙන් පියවර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : රාජ්‍ය අරමුදල් අනිසි...

ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් වෛද්‍ය මණ්ඩලයක්!

කොළඹ LNW:සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් වන විමර්ශනයක් මත අත්අඩංගුවට...

අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

කොළඹ LNW:ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට...