මහජන විරෝධතා හමුවේ සුඩාන අගමැති ඉල්ලා අස්වෙයි

Date:

අඛණ්ඩව සිදුවන මහජන විරෝධතා හේතුවෙන් සුඩාන අගමැති අබ්දෙල්ලා හම්ඩොක් සිය ධුයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. දිගින් දිගටම එල්ල වන විරෝධතා හමුවේ සිය බලය තවදුරටත් පවත්වාගෙන යාමට ඔහු අසමත් වී තිබේ.

හම්ඩොක්ගේ පාලනය බිඳවට්ටමින් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී හමුදා කුමන්ත්‍රණයක් සිදු වූ අතර කෙසේ නමුත් කුමන්ත්‍රණය සඳහා නායකත්වය ලබාදුන් හමුදා සාමාජිකයන් සහ අගමැතිවරයාගේ පාර්ශ්වය අතර ඇතිකර ගත් බලය හුවමාරු ගිවිසුමට අනුව නැවතත් හම්ඩොක් අගමැති තනතුරට පත් කෙරිණි.

කෙසේ නමුත් දිගින් දිගටම එරට වැසියන් හම්ඩොක් පාලනයට එරෙහිව විරෝධතා දියත් කළ අතර ඔවුන් ඉල්ලා සිටියේ තමන්ට ප්‍රජාතන්ත්‍රවාදය, සිවිල් අයිතිවාසිකම් ලබාදෙන ලෙසයි. හමුදාව සම්බන්ධ වන පාලනයක් නොව සිවිල් පාලනයක් ස්ථාපිත කරන ලෙසද විරෝධතාකරුවන් ඉල්ලා සිටියේය.

විරෝධතාකරුවන් මර්දනය කිරීම සඳහා හමුදා සාමාජිකයන් කටයුතු කළ අතර ඒ හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු මරණයට පත් විය.

හම්ඩෙක්ගේ ඉල්ලා අස්වීම හේතුවෙන් දැන් සම්පූර්ණ පාලන බලය හමුදාව සතු වී තිබෙනවා.

හම්ඩොක්, අගමැතිවරයා ලෙස අවසන් වරට රූපවාහිනියෙන් ජනතාව අමතමින් ප්‍රකාශ කර තිබෙන්නේ රටේ පැවැත්මට බලවත් තර්ජනයක් එල්ල වන භයානක සන්ධිස්ථානයකට රටේ ජනතාව පැමිණ සිටින බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...