අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ අපනයන 2025 වර්ෂයේ පළමු මාස හය තුළ කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කරමින් සමස්ත අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 8,337.86 කට ළඟා වී තිබෙන බව ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය නිවේදනය කරයි.

එය 2024 වර්ෂයේ එම කාල සීමාවට සාපේක්ෂව 6.70%ක වර්ධනයක් වනාතර වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළු සමස්ත අපනයන 2025 ජූනි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 1,460.34 කට ළඟාවී ඇත. මෙය 2024 ජූනි මාසයට සාපේක්ෂව 8.73%ක වර්ධනයක් බව සඳහන්.

2025 ජූනි මාසයේදී පමණක් වෙළඳ භාණ්ඩ අපනයන 6.85%කින් වර්ධනය වී ඇති බවත් එමඟින් ඇමරිකානු ඩොලර් මිලියන 1,150.73 කට ළඟා වී ඇති බව රී ලංකා රේගුව සහ විද්‍යුත් භාණ්ඩ සඳහා ඇස්තමේන්තු දත්ත අනුව පෙන්වා දී ඇත.

2025 ජනවාරි සිට ජූනි දක්වා කාල සීමාව සඳහාවෙළඳ භාණ්ඩ අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 6,504.72 ක් වී තිබේ. එය 2024 වර්ෂයේ එම කාල සීමාවට සාපේක්ෂව 5.86%ක වර්ධනයකි. 2025 ජූනි මාසයේදී සේවා අපනයනවලින් ලැබෙන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 309.61 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.එය 2024 වර්ෂයේ එම කාල සීමාවට සාපේක්ෂව 16.38 %ක වර්ධනයක් ලෙස දැක්වෙයි.

වර්ෂයේ පළමු මාස හය තුළ සේවා අපනයන 9.78%කින් වර්ධනය වී අති අතර ඇමරිකානු ඩොලර් මිලියන 1,833.14 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාපැදි පරමාදර්ශය පොගාකර්ට ප්‍රංශ සවාරියේ සිව්වැනි ජයත්

නිශ්මං රණසිංහ ජූලි 28, කොළඹ LNW: ස්ලෝවේනියාවේ දී 1998, උපත...

අර්බූදවලින් හම්බ කළ හැකි සාමය සහ විශ්වාසය

නිශ්මං රණසිංහ ජූලි 28, කොළඹ LNW: ආසියානු ක්‍රිකට් සූරතාවලිය සැප්තැම්බර්...

එක වගේ මූණු හුරුවන් සොයා බොලිවුඩයට!

සටහන – පුලී ජූලි 28, කොළඹ (LNW):  ඉන්න, මම මේ...

එක්සත් ජනපද තීරු බදු සන්තෑසියෙන් තේ, රබර් කර්මාන්තයට අත්වන ඉරණම!

සටහන – පුලී ජූලි 28, කොළඹ (LNW):  අගෝස්තු 1 වනදා...