*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

බංකොළොත් රටක පන ගසා එන මනුස්සකම

බංකොළොත් භාවයේ ගිලෙමින් තිබෙන රටක විය හැකි නරකම දේවල් සිඳුවෙමින් ඇත.තෙල් චුට්ටක් ගහන්නට වත්කමක් නැති වාහන නිසා රෝගීහූ ප්‍රතිකාර කරා යා නොහැකිව නොහැකිව මිය යති.නැතිනම් ඔවුන් මිය යන්නේ ඖෂධ නැතිවය.ගෑස් පෝලිම්වලද මරණය.ඉන්ධන පෝලිම්වලද අසනීප වෙන මිනිස්සු බොහෝ ය.

ආහාර පානවල හිඟය සහ අධික මිල දරා ගන්නට නොහැකිය.මිනිස්සු තුන් වේල දෙක කරගෙන යැපෙන්නේය.කෑම වේල හිතා මතා පමා කර දෙවේලට පිරිමසා ගැනීම සාකච්ඡාවකින් තොරව පවුල්වල එකඟතාවයකින් සිඳු වෙමින් ඇත.ඒ එකිනෙකාගේ හෘද සාක්ෂිය රවට්ටා ගනිමින්ය.ඒ ආදරය සහ පවුල් ඒකකයේ බැදීම් තව දුරටත් බැඳ තබා ගනු පිණිසය.

නමුත් මේ මොහොත වෙනස් කිරිමට පාරට බට අරගලය මිනිස්සුන්ගේ හෘද සාක්ෂිය වෙනස් රිද්මයකට හරවා ඇත.රටේ බහුතරයක් මම කියන වචනයෙන් වියුක්තව විශාල වපසරියක අපි යන්නට මුල් තැන දෙමින් ඇත.අල්ලපු ගෙදරින් දික් නොවුණු කොස් මඳුල,දෙල් බෑය පමණක් නොව පලා මිට ද මේ වන විට දික් වෙමින් ඇත.අතමිට තියෙන පමණට තව කෙනෙක්ට කෑම වේලක් දෙන්නට මිනිස්සු ඉදිරිපත් වෙමින් ඇත.පෝලිම්වලට එසේ බෙදෙන කෑම බීම ගැන කතා කොතෙකුත්ය.ඒත් මාධ්‍ය වඩාත් කැමති පෝලිම්වල ඇති වන නොසන්සුන් තත්ත්වයන් වාර්තා කිරීමෙන් ඒවා බෝ කිරීමටය.රට ප්‍රචණ්ඩ වීම හරහා එක මිටට වැඩ කරනු වෙනුවට බෙදෙන තත්ත්වය වැඩිය.මේ ආණ්ඩුව බලයට ආවේම මාධ්‍යයේද සහය ඇතිව කරන ලද එබඳු බෙදීම්වලින්ය.

පරණ තැටියම වැයෙමින් නැවත අනෙකාව අවිශ්වාස කරන්න සහ අනෙකාට එරෙහිව නැඟී සිටුවන්නට මාධ්‍ය සදාචාරය පසෙකලා බොහෝ මාධ්‍ය කටයුතු කරමින් ඇත.ඒ අයට අපූරු පරිත්‍යාගශීලීන් මුණ ගැසෙන්නේ නැත.ඔවුන්ට පෙනෙන්නේ හමුදා නිලධාරියෙක්ට පාර වැහෙන හැටිය.එය ජාතික අපරාධයකි.යුද විරුවෙකි.ඒත් මිනිසුන් විරෝධය පළ කරන්නේ යුද්ධයට ගිය මිනිස්සුන්ගේ ද කුසගින්න වෙනුවෙන්ය.එහිදී නිලතල කියා අවසර ඉල්ලන්න නිලධාරියාට වඩා ජනතාව වෙනුවෙන් වගකීම ඉටු කරන්නේ උද්ඝෝෂණකරුවාය.එහි හැඩයේ වරදක් ඇත.ඒත් යුද හමුදාවට සම්බන්ධ වූවා යැයි කියන මිනිසෙකුගෙන් උද්ඝෝෂණය කරන මනුස්සයා අඩු කර උත්තරය සෘණ කිරීමට යාමනම් වැරදිය.

ඒ සාමාන්‍ය මනුස්සයා නැත්නම් පොදු පුරවැසියාට වඩා මහා විශාල ඉඩක් සහ වරප්‍රසාදයක් යුද්ධයට සහ හමුදා සාමාජිකයන්ට ඇති කිරීම දේශපාලනමය වශයෙන් විනාශකාරි අනර්ථයක් සමාජයට අත් කර දෙන බව මේ වන විට පැහැදිළිව ඔප්පු වි හමාරය.එය දේශපාලනමය වශයෙන් භාවිතයට ගැනීමට රට ලබා දුන් ඉඩ අද වන විට සමස්ත ජනතාව කබලෙන් ලිපට ඇඳ දමන තත්ත්වයට පත් කර ඇත.මේ වන විට සියල්ල විඳින්නේ ඒ දුකය.සමහරු හමුදා පාලනයක් ප්‍රාර්ථනා කළ අතර සමහර ශ්‍රමණධාරීන් ධර්මයට පටහැනිව යමින් හිට්ලර් පාලනයක් අවශ්‍යය බව කියන්නට තරම් පහත් තත්ත්වයකට වැටිණ.

කෙසේ හෝ හමුදාමය සහ ආගමික වූ මිශ්‍ර සිතුවිලි ධාරාවන්ගේ අවසාන ප්‍රතිපය ලෙස මේ රටේ සමස්ත ජනතාව අතර විවිධ වූ ආගමික සහ ජාතික බෙදීම් ඇති වූ අතර බහුතරයක් යන්න ප්‍රජාතන්ත්‍රවාදයේ හරි තේරීම වීම වෙනුවට බලය සම්බන්ධ විකෘතියක් නිර්මාණය කළේය.බලය බහුතරය වුව ද,සැමට සමානව ඇති අදහස් දැක්වීමේ සරලම අයිතිය සමඟ ජාතිකත්වයන් අනුව,ආගම් අනුව ක්‍රියා කිරීමට ඇති පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදය ද අහෝසි කරමින් බලය තහවුරු වීම ප්‍රජාතන්ත්‍රවාදයේ විකෘතියක් ලෙස දැක්වීම වරදක් නැත.ඒ මහා බලය පෙරළා බලය ලබා දුන් පිරිසගේ විනාශය කරා හැරවීමට ආණ්ඩුව කටයුතු කළේ ද කිසිඳු සාධාරණ තර්කයක් සංවාදයට හෝ නොගෙන හිතුමතේය.මේ තත්පරයේ අපි ගෙවන දුෂ්කර සහ පීඩාවේ උපරිමය දැනෙන ජීවිත එහි ප්‍රතිපලයක්ය.

කෙසේ හෝ රටම අවුලක බව දැන් මොළයේ අසාමාන්‍ය හිරියක් නැති ඕනෑම කෙනෙක් පිළිගන්න බව සැක නැත.ඒ තත්ත්වය සඳහා 2019 පත් වූ රජයෙ අකාරයක්ෂමතාවය මෙන්ම අසංවිධානාත්මක බවද,නිවැරදි තීරණ නොගැනීමද බල පෑ බව ජනාධිපතිවරයාද පිළිගෙන අහවරය.ඒ සියල්ල මත බලහත්කාරයෙන් බලය රැක ගැනීම නොහැකි බව ද ඔප්පු වෙමින් බිත්තියට හේත්තුව තිබූ ආණ්ඩුවට නැවත අත පය වීසි කර හුස්මක් ගන්නට ලැබුණේ රනිල් වික්‍රමසිංහගේ මැදිහත්වීම සහ ක්‍රියාත්මක වෙමින් තිබූ වැඩ වර්ජනය පයක් පසුපසට ගැනීම නිසා ය.

මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ වඩාත් නිවුණු ස්වරූපයකින් මර්ධනය ක්‍රියාවට නැඟෙන්නට ඉඩ හරිමින් සහ පීඩනය සැහැල්ලු ලෙස පොදු ජනතාව වෙත මුදා හරිමින් ඇත.බිලියන සිය ගණනක සීනි වංචාවේ බඳු අයකර ගැනීමට විගනන අධිකාරිය දෙන තීන්දුව දෙසවත් නොබලන ගෝඨාභය – රනිල් ආණ්ඩුව ඊට සමානම හැඟීමකින් රට සම්බන්ධ ආදර කතා කියන මහ බැංකු අධිපතිගේ වෘතාන්තත් සමඟ ජනතාවගේ සාක්කුවට බහින ආණ්ඩුවක් නිර්මාණය වී ඇත.මිනිස්සුන්ට ඒ ඉදිරියේ නිරුත්තරව දුක භාර ගෙන සියල්ල කර්මයට භාර දෙන්නට බල කරමින් ඇත.මහබැංකු අධිපතිවරයාද ජනතාවගෙන් ඉල්ලීම් කරන,ජනතාවට බදු බර පටවන ඒත් මේ අර්බූද්ය නිමා වෙන දිනක් ගැන කිව නොහැකි බව කියන්නෙක් වි ඇත.ඔහු මහා බදු වංචාවෙන් රටට අහිමි වූ මුදල,ඒවා බෙදී ගිය ආකාරය,ඒවා නැවත අය කර ැගනීමට ඇති ඉඩ යනාදි කරුණු සමාජයට ඉදිරිපත් නොකරයි.ආණ්ඩුවට නොකියයි.අගමැති වෙන්නත් පෙර එයා මගේ මිනිහෙක් කියා රනිල් කි ලෙසම සිඳුවන්නේදැයි සැක සිතන තරමට මහබැංකු අධිපති නන්දලාල්ගේ වැඩ ද දැන් තිබෙන්නේ සැක සහිත තැනෙකය.වංචාකාර මහා බලවතුන් දෙස නොබලන අහිමි වූ ධනය අය කර ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග සහ ඊට අදාළ තාක්ෂණ උපදෙස් බැංකුවල ණය බොල් කර සමාගම්වලටද වගකීම පැවරෙන ක්‍රියා කළාප ගත යුතු වුවත්,සියල්ල සිදුවන්නේ මේ ආණ්ඩුව පත් කර ගන්න ඡන්දය දුන්න ජනතාවගේ බඩට එරෙහිවය.ඊට අමතරව ඊට එරෙහි වූ සාමාන්‍ය ජනතාවද තැලෙමින් පොඩි වෙමින් ඇත.කිහිප දෙනෙකුගේ සුරසැප වෙනුවෙන් රටක ජනතාව සූරා කෑම වඩාත් තුච්ඡ ලෙස අපූරු තාක්ෂණික වචනවල ගිල්වා යුතුකම ඉටු කරන පුරවැසියෙක් ලෙස නාමකරණය කරමින් ඉතාමත් හිරිකිත තත්ත්වයකින් ක්‍රියාත්මක කරන්නට ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්පාදකයන් කටයුතු කරමින් ඇත.

ඒ අනුව හාල් හුංඩුවට බද්දේ බර දැනෙන්න දෙමින් සිනී බඳු වංචාව පැණි රස කරන ආණ්ඩුව එය පමණක් නොව එම බදු නිදහසෙන් අධික ලාභ ලැබූ ව්‍යාපාරිකයන්ගෙන් එම අනිසි ලෙස ලැබූ ලාභය අයිති කර ගන්නට කිසි දෙයක් කරන බවක් හෝ කිසිම විපක්ෂ දේශපාලන සන්ධානයක් ඊට බලපෑම් කිරීමක් දකින්නට නැත.මේ සියල්ල කලත්තා මිනිසුන් ඒ පීඩනයේ රැලිවල ඔතා පහර දෙද්දීත් මිනිසුන් වෙනදාට වඩා පරාර්ථය ප්‍රගුණ කරන්නට පටන්ගෙන තිබෙන බව දැකිය හැකිය.අධික ලෙස දැනෙන ආර්ථික පීඩාව ඉදිරියේ සොර සතුරු උවදුර නැඟෙන බවක් පෙණුනද ආයතනික මට්ටමින් මෙන්ම පුද්ගල මට්ටමින්ද වෙන කවරදාටත් වඩා තමාගේ අනෙකාට පිහිටවීමේ අවශ්‍යයතාවය තේරුම්ගත් ජනතාවක් මේ ආර්ථික බංකොළොත්කම ඇතුළේ ප්‍රමාණයෙන් විශාලනය වෙමින් පැවතීම සුබ දසුනකි.හැඟුමකි.

ගමේ කොන්ක්‍රීට් පුරවරයේ වගා කරන්නට බිම් අඟළක් නැතිව,එමෙන්ම තෙල් හෝ ගෑස් නැතිව පත්තු නොවන ලිපවල් සහිත මිනිස්සු වෙත කෑම බෙදා දෙන්නට ගම එකතු වෙමින් ඇත්තේ දැඩි තෙල් හිඟය මෙන්ම දැඬි තෙල් මිලද අස්සේය.සමහර ආයතන නැති මිනිසුන්ට අරං යා හැකි විදිහට සිය ආයතන ඉදරිපිට කුළු බඩු යනාදිය තබන්නට පෙළැඹි ඇත.තරුණ පරම්පරාවගේ මුහුණු පොත් තුළ වැඩිහිටියන් සහ මිනිසුන් වෙනුවෙන් තමන්ගේ අතේ තිබුණු හැටියට කරන ලද පරිත්‍යාග ගැන ආඩම්රයෙන් ලියැවෙන්නේ ඊළඟ පරම්පරාව තමාගේ අනෙකා ද තමා සමඟ නැඟිටිමට ඇති සොඳුරු කැමත්ත පැහැදිළි කරමින්ය. අනාගතය ගැන සුබ සිහින ඇති කරමින්ය.

ඒ නිසා බංකොළොත් බවේ පතුලටම වැටී හුස්ම හිර වි තිබෙන මොහොතක එයින් ගොඩ එන්නට ඇති ආදරණිය පරාර්ථය පුරන මිනිස්සුද ලිං පතුලෙ සිට නැඟෙන්නට සිය උර පාමින් සිටින බව දැනීම සතුටක්ය.තව දින ගණනාවකින් මේ සියල්ල හුදෙකලා පරිත්‍යාග වීමේ සීමාව අතික්‍රමණය කළ යුතුව ඇත.ඒ සඳහා එක පොකුරට එකතු වී තමන්ට අනෙකා ගැන දැනෙන කම්පනය නොදැනෙන ආණ්ඩුවේ ආයුෂ කෙටි කිරීමේ වැඩ සටහනකට පෙළ ගැසිය යුතුය.ඒ ජාතික වගකීම සඳහා දැනට ඉදිවී තිබෙන හොඳම තැන වන ගෝඨාගෝගම සංකල්පය මහපාරේ එකිනෙකාගේ දේශපාලන හෝ ව්‍යාපාරික ව්‍යාපෘති ඉදිරියේ මැකී යන්නට නොදී රැක ගැනීම එහි සිටින රටට ආදරේ ප්‍රජාව වෙත ලැබෙන විශාල අභියෝගයකි.එය පෙරළා දමන්නට නොදී රැක ගත යුතුව ඇත.ආදරය ලියලමින් වැඩේ.එම ආදරය බංකොළොත් බවේ පවුරු පදනම් බිඳ දැමීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා මේ දුර්දාන්ත පාලනයේ බැමි පුපුරවා හරින ශක්තිය වනු ඇත.නුදුරු දිනෙක බඩගින්නෙන්,අකල් මරණවලින්,වගකීම් ඉටුකරගත නොහැකිව ලතවෙන මිනිසුන්ගෙන් පිරෙන රටේ ඒවා වෙනස් කිරීමට වෛරය,ක්‍රෝධය නොවන සටන්කාමී ආදරණිය ප්‍රවේශයකට ජනතාව පොළඹවන ආදර්ශයක් තිබිය යුතුය.එය උදා වෙන්නට පෙරාතුව අරගලය අහෝසි කරන්නට විවිධ පිල්ලි යොදවමින් කැසකවද්දී රටේ වෙනස්වෙන ආදරණිය සංස්කතියට මේ පාදඩ දේශපානය වෙනස් කළ හැකිය යන උත්තුංග තීරණයේ සිටින පිරිස් තව දුරටත් ඉවසීමෙන් එය රැකගත යුතුව ඇත.රටට ආදරය කිරීම ඇත්තේ ඒ ඉවසීම සහ දරා ගැනීම තුළය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan