අද මධ්‍යම රාත්‍රියේ සිට තවත් බද්දක් ඉහළට !

Date:

අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි සංදේශ බද්ද ඉහළ නංවන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව මෙතෙක් 11.25% ක්ව පැවති එම බද්ද 15% දක්වා ඉහළ නැංවෙනු ඇති.

මේ හේතුවෙන් දුරකථන ඇමතුම් ගාස්තු ඉහළ යනු ඇති අතර අන්තර්ජාල සේවා ගාස්තු සඳහා විදුලි සංදේශ බද්ද බල නොපාන බව සඳහන්.

කෙසේවෙතත් පසුගිය 01 වනදා සිට වැට් බද්ද ඉහළ නංවා ඇති පසුබිමක අන්තර්ජාල සේවා ගාස්තු ද 4%කින් ඉහළ යනු ඇත.

මෙම බදු ඉහළ නැංවීම් දෙකම සමග දුරකථන ඇමතුම් ගාස්තු 8%කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යාමට නියමිත ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයතන 15ක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

කොළඹ LNW:ආයතන 15ක සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති...

ආපදා හේතුවෙන් මරණ 69ක් දක්වා වැඩි වෙද්දී තවත් 34ක් අතුරුදහන්!

කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට ආපදා මරණ...