දැන දැනම රටේ කෘෂිකර්මාන්තය විනාශ කළේ ජනාධිපතිවරයා! (VIDEO)

Date:

රටේ කෘෂිකර්මය විනාශ කිරීමේ වගකීම ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය භාරගත යුතු අතර සිදු වූ පාඩුව වෙනුවෙන් සියලුම ගොවි ජනතාවට වන්දි හිමිවිය යුතු බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසුවේය.

ඒ, අද (03) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

කාබනික පොහොර සඳහා පමණක් යොමුවූ ගොවි ජනතාවට පමණක් වන්දි ලබා දෙන බවට කෘෂිකර්ම අමාත්‍යවරයා කර තිබෙන ප්‍රකාශය පිළිගත නොහැකි බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

”කාබනික පොහොරවලට පරිවර්තනය වීම අවුරුදු 10ක් ඇතුළත කරනවා කියන එක තමයි ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්මේ තියෙන්නේ. ජනාධිපතිතුමා එවැනි පොරොන්දුවක් දීලා අවුරුදු 10න් කරන්න ඕන වැඩේ පැය 24න් කරන්න ගියාම ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැද්ද? ප්‍රශ්නයක් ඇතිවෙනවා. එතකොට මේ ප්‍රශ්නය දැන දැනම ඇති කරේ ජනාධිපතිතුමා කියන එක පැහැදිලිව පේනවා. ඒ හරහා ගොවිජනතාවගේ ජීවිතවලට වෙච්ච පාඩුවට මේ ආණ්ඩුව වගකීම දරන්න ඕනේ. ඒක තමයි මේකේ යථාර්තය. නමුත් කෘෂිකර්ම ඇමතිතුමා අපි දැක්කා ප්‍රකාශ කරනවා කාබනික පොහොර කරන්න ගිහිල්ලා ප්‍රශ්නය ඇතිවුණ උදවියට තමයි ඒ අලාභය ගෙවන්නේ කියල. ඒක පිළිගන්න බැරි කතාවක්. මොකද කාබනික පොහොරවලට පරිවර්තනය වීමේ දේශපාලන තීන්දුව ගත්තේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව.”

මෙය ගොවි ජනතාව වෙත ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව බලහත්කාරයෙන් දැමූ දෙයක් වන අතර කොතැනක හෝ ගොවියා කාබනික පොහොර ඉල්ලා නොමැති බවයි ඔහු ප්‍රකාශ කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාරාහේන්පිට මහල් නිවාස ගින්න නිවන්න ගිනි නිවන රථ 13ක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : නාරහේන්පිට, දාබරේ මාවතේ...

Wanderlust Wednesday: යාපනයේ තල් අරණේ රවුමක්! Discovering Jaffna, Sri Lanka

සෑම බඳාදා දිනකම “Wanderlust Wednesday” තුළින් ඔබට ලස්සන තැන්,...

“ෆෝ නේශන් බාස්කට්බෝල් ලීග්” තරඟාවලියේ ශූරතාව කොළඹ ආනන්දෙට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : තායිලන්තයේ පැවති වයස...

කෙහෙළිය,සනත් නිශාන්ත,දිළුම් සහ සම්බන්ධන් භාවිතා කළ නිල නිවාසවලට වෙන්න යන දේ!

කොළඹ LNW: අධිකරණයේ ගොඩගැසී ඇති නඩු කඩිනමින් අවසන් කිරීම...