චීනයේ චිකන්ගුන්යා රෝගීන් 7000ක් වාර්තා වේ.

Date:

සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ගුවැන්ඩොං පළාතෙන් චිකන්ගුන්යා රෝගීන් 7000ක් වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර තිබේ.

ආසාදිත මදුරුවෙකු දෂ්ට කිරීම හරහා පැතිරෙන මෙම වෛරසය උණ සහ දරුණු සන්ධි වේදනාව ඇති කරයි, සමහර විට එය වසර ගණනාවක් පැවතිය හැකිය.

දකුණු හා අග්නිදිග ආසියාවේ සහ අප්‍රිකාවේ සමහර ප්‍රදේශවල චිකන්ගුන්යා පැතිරීම බහුලව දක්නට ලැබෙන අතර චීන බලධාරීන් සඳහන් කරන්නේ මෙම තත්වය කොවිඩ්-19 වසංගතය අතරතුර ගත් ක්‍රියාමාර්ගවලට සමාන පියවර ගැනීමට හේතු වී ඇති බවයි.

ෆොෂාන් හැරුණු විට, දකුණු ගුවැන්ඩොං පළාතේ අවම වශයෙන් තවත් නගර 12 ක ආසාදන වාර්තා වී ඇති අතර පසුගිය සතියේ පමණක් රෝගීන් 3,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා විය.

ආසාදන මැඩපැවැත්වීම සඳහා චීනයේ සමහර ප්‍රදේශවල, එකතැන පල්වෙන ජල මූලාශ්‍ර හඳුනා ගැනීම සඳහා ඔවුන් ඩ්‍රෝන යානා පවා පියාසර කර තිබු අතර මෙම මදුරු කීටයන් අනුභව කිරීමට මාළු 5,000 ක් නගරයේ විල්වලට මුදා හැර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, වෛරසය පැතිරීම වැළැක්වීමට හොඳම ක්‍රමය වන්නේ මදුරුවන් බෝ වීමට ඉඩ සලසන එකතැන පල්වෙන ජලය රැඳෙන ස්ථාන අඩු කිරීමයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීන ගිම්හාන සමය උණුසුම් කළ සිනමාපටය!

කොළඹ LNW:ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය පිළිබඳ ජයග්‍රහණයේ 80 වන...

ශෂීන්ද්‍ර රාජපක්ෂ රිමාන්ඩ්!

කොළඹ LNW:හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාර...

මොණරාගල ඩිපෝවේ CTB බස් දෙකක එන්ජිමට වැලි පිරවූවේ කවුද?

රෂිකා හෙන්නායක අගෝස්තු 06, කොළඹ LNW: ඇතිමලේ පොලීසිය ඉදිරිපිට නවතා...

‘මතකය සැමවිටම නැවත පැමිණේ’

රෂිකා හෙන්නායක අගෝස්තු 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මොසැම්බික්හි උතුරු කාබෝ...