මැදමුලන හොඳයි විජේරාමෙට වඩා. ආණ්ඩුව මේවා කරන්නේ අපෙන් පළිගන්න – හිටපු ජනාධිපති මහින්ද

Date:

වත්මන් ආණ්ඩුව හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට කටයුතු කරන්නේ තමන්ගෙන් පළිගැනීම සඳහා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ප්‍රශ්නය – කොහොමද දේශපාලන තත්වය දැන් ?

“දේශපාලන තත්වය ඉතින් මේ කට්ටියගෙන් තමයි අහන්න ඕනෙ දැන්, මගෙන් නෙවෙයි. (ඩී. වී. චානක මන්ත්‍රීවරයාව පෙන්වයි) මගේ ඉතින් පරණ අදහස් නෙ තාම තියෙන්නෙ”

ප්‍රශ්නය – හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කරන්න මේ ආණ්ඩුව සූදානම් වෙනවා කියලා කතාබහක් ඇතිවෙලා තියෙනවා. මොකක්ද මේ ගැන ඔබතුමාගේ අදහස ?

“ප්‍රශ්නයක් නෑ අපිට … අපිට තිබිච්ච වරප්‍රසාදය ජනතාව දීපු වරප්‍රසාදය නෙ. ඊට වඩා ලොකු දෙයක් නෑ අපිට. ඉතින් ඒක තියෙනතාක් කල් ඕනෙ වරප්‍රසාදයක් ඉවත් කළාට ප්‍රශ්නයක් නෑ”

ප්‍රශ්නය – දැන් එහෙම වුණොත් විජේරාමේ අත්හැරලා ඔබතුමාට මැදමුලනට යන්න වෙයිද ?

“මැදමුලන වැඩිය හොඳයි නේ … විජේරාමෙට වඩා ඉතාම හොඳයි මැදමුලන”

ප්‍රශ්නය – ඔබතුමා හිතන විදියට ආණ්ඩුව මෙහෙම දෙයක් කරනවා ඇත්තේ මොනවගේ පරමාර්ථයකින්ද ?

“පළිගන්න”

ප්‍රශ්නය – ආණ්ඩුවේ වැඩපිළිවෙල ගැන ඔබතුමා මොකක්ද ඔබතුමාගේ අදහස ?

“අවශ්‍ය නෑ ….”

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (05) කොළඹදී පැවති එරන්ද ගිනිගේ මහතාගේ නවකතාවක් එළිදැක්වීමේ උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...