සාක්කුවේ ගෙම්බා කතාව හෙවත් අරගලකරුවන්ට වෙච්ච දේ ….!

Date:

බෝම තනිකඩව උන්නු මනුස්සයෙක් හිටියා. යාලුවෝ එහෙමකට නෑ.

මෑන් හවසට හවසට තැබෑරුමට ගිහිං අඩියක් ගසනවා.

මෑන් එතෙන්ඩ යන්නෙ තනියෙමනුත් නෙවෙයි.

මෑන්ගේ කලිසං සාක්කුවේ ලස්සන ගෙම්බෙක් ඉන්නවා.

මෑන් බොන්ඩ පටං ගත්ත ගමං ගෙම්බව මේසේ උඩිං ති⁣යනවා. එයිට පස්සේ විටෙං විට ඌ දිහා බලාන බොනවා.

ගෙම්බත් හරි හීලෑයි.මේසේ උඩම ඒ මේ ගියාට මේසෙං පිටට පනිං නෑ.

බිබී ඉඳලා ටික වෙලාවකිං මෑන් බිල ගෙවලා ගෙම්බත් සාක්කුවේ දා ගෙන ගෙදර යනවා.

මේ මගුල හැම දාම දකින වේටරයට පිස්සු වගේ.

බැරීම තැන වේටර් මෑන්ගෙං මේ ගෙම්බත් එක්ක අල්ලන අඩව්ව මොකක්ද කියලා ඇහුවා .

“මේමනේ…මං බොන්ඩ ගත්තම ගෙම්බා ගෙම්බා විදියටම පේනවා.හැබැයි ටික වෙලාවක් යනකොට මට ගෙම්බා ගෙම්බෝ දෙන්නෙක් වගේ පේන්ඩ ගන්නවා.ඒ කියන්නේ මට ගෙදර යන්ඩ වෙලාව හරි කියන එක.”

ලංකාවේ අරගලකරුවන් ට දැං වෙලා තියෙන්නෙත් අර මෑන්ට වුන වැඩේ.

ගෝටා ගෝ හෝම් කියලා එක ගෝටෙක් ටාගට් කරලා පටං ගත්ත අඩව්වට රනිල් කඩා පාත් වීමත් එක්ක එක ගෝටා දෙන්නෙක් වගේ පේන්ඩ ගන්නවා.වෙලාවකට ගෙම්බා ගෝටා විදියටම පේන්ඩ ගන්නවා .තව වෙලාවකට රනිල් වගේ පේන්ඩ ගන්නවා.තව වෙලාවකට දෙන්නම විදියට පේන්ඩ ගන්නවා.

අරගලකරුවන්ට දැං හැති.ඒ කියන්නේ වෙරි.

එක්කෝ බයිට් ඩයිට් ටිකක් අලුතෙං කාලා බීලා තවත් බොන්ඩ පුලුවං විදියක් ගැන හිතන්ඩ වෙනවා.

නැත්තං ගෙදර ගිහිං ආයෙ පහුවදාට ප්‍රෙශ් පිට එන්ඩ වෙනවා.

  • නීතීඥ වසන්ත සිරි වටගොඩ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...