ආරක්ෂක සේවා කරාතේ ශූරතාවලියේ‍ කාන්තා ශූරතාව ගුවන් හමුදාවට.

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 07, කොළඹ LNW:


ආරක්ෂක සේවා ක්‍රීඩා කවුන්සිලය විසින් 13 වැනි වරටත් සංවිධානය කරනු ලැබු ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලියේ කරාතේ ශූරතාවලියේ‍ අවසන් මහා තරඟ පසුගියදා පනාගොඩ ශ්‍රී ලංකා යුද හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සාර්ථකව අවසන් කරන ලදී.


මෙම තරඟාවලියේදී ත්‍රිවිධ හමුදාව තුළ වර්ධනය වන තරඟකාරිත්වය සහ කරාතේ ක්‍රීඩාවේ ඉහළ ප්‍රමිතීන් ඉස්මතු කරමින් සුවිශේෂී දස්ෂතා දක්වමින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කරාතේ කණ්ඩායම 13 වන ආරක්ෂක සේවා කරාතේ ශුරතාවය දිනා ගැනීමට සමත් වීය. ගුවන් හමුදා පිරිමි කණ්ඩායම එම ඉසව්වේ පිරිමි අංශයේ අනුශූරතාවය දිනා ගැනීමට සමත් වූ අතර එහි ශූරතාවය යුධ හමුදාව සතු විය.


මෙම තරගාවලියේ ත්‍යාඟ සහ සහතිකපත් ප‍්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරාල් ආර් ඩී සලේ සහභාගි වූ අතර අවසන් මහා තරගයට ගුවන් හමුදා කරාතේ සභාපති එයාර් වයිස් මාර්ෂල් වජිර සේනාධීර, ගුවන් හමුදා කරාතේ ලේකම් ගෘප් කැප්ටන් අමරසිංහ හා ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා සෙසු නිලයන් රැසක් සහභාගී වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාට හතරකින් හැඩ වෙන කාන්තා ක්‍රිකට්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා...

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා CID අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊපීඩීපී පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය ඩග්ලස්...

රේනර් වෙනුවෙන් දිලිත්ගෙන් ලියුමක් !

හිරු මාධ්‍ය ජාලයට එරෙහිව පොලීසිය විසින් විදුලි සංදේශ නියාමන...

උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලට ආයෙත් කාලගුණය නපුරු වෙයිද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, කොළඹ LNW : එළැඹෙන දෙසැම්බර් මස...