ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් මොහොමඩ් උවයිස් මහතා පත්කර ඇති බව වාර්තා වේ.
ඒ මහතා මීට පෙර ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර 2021 දෙසැම්බර් මාසයේදී එම තනතුරින් ඉල්ලා අස්වී තිබිණි.
මොහොමඩ් උවයිස් මහතා යනු හිටපු මුදල් හා අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතාගේ සහෝදරයෙකි.
RN