පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍යයයි ! – දිනේෂ් වීරක්කොඩි

Date:

තමන්ව ශ්‍රී ලංකා මහබැංකු අධිපති තනතුරට පත්කිරීමට අග්‍රාමාත්‍යවරයා කටයුතු කරමින් සිටින බවට ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිර යන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව කමර්ෂල් බැංකුවේ සහ හැටන් නැෂනල් බැංකුවේ හිටපු සභාපතිවරයකු වන දිනේෂ් වීරක්කොඩි මහතා පවසයි.

එවන් පියවරක් සම්බන්ධයෙන් තමන් කිසිසේත්ම නොදන්නා අතර එවැනි කිසිදු ඉල්ලීමක් ද තමන් කර නොමැති බවයි ඒ මහතා අවධාරණය කළේ.

එමෙන්ම නිදහසින් පසු බරපතළම මූල්‍ය අර්බුදයට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මේ මොහොතේ තමන් අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් නියැළී සිටින්නේ සම්පූර්ණයෙන්ම ස්වේච්ඡා සේවයක බව පැවසූ ඒ මහතා අසත්‍ය ප්‍රචාරණවලින් වැළකී සිටින ලෙස ඉල්ලීමක් ද කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය සතියේදී දිනේෂ් වීරක්කොඩි මහතාව සිය භාණ්ඩාගාර කටයුතු පිළිබඳ උපදේශකවරයා වශයෙන් පත්කර ඇති බව අප වෙත වාර්තා වූ අතර එය “ගරු සේවයක්” හෙවත් කිසිදු වැටුප් හෝ දීමනාවකින් තොර තනතුරක් බවත් වාර්තා විය.

එම තනතුර, හිටපු බැංකු සභාපතිවරයකු සහ තවත් ප්‍රමුඛ පෙළේ පෞද්ගලික ආයතන කිහිපයක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වශයෙන් මූල්‍ය ක්ෂේත්‍රය තුළ වීරක්කොඩි මහතාට ඇති පෘථුල අත්දැකීම් උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකා මහබැංකුව, වාණිජ බැංකු සහ මහාභාණ්ඩාගාරයේ අදාළ අංශ සමග සම්බන්ධීකරණ කටයුතු සිදුකරන තනතුරක් බවයි වාර්තා වූයේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චමින්ද ජයසූරියගේ Father චිත්‍රපටයේ පළමු නිල පෝස්ටරය නිකුත් වෙයි

චමින්ද ජයසූරිය විසින් අධ්‍යක්ෂණය කරන ලද Father සිනමාපටයේ පළමු...

Yarlung Zangbo ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් චීනයෙන් ප්‍රකාශයක්!

කොළඹ LNW:චීනයේ Xizang ස්වායත්තයේ පිහිටි Yarlung Zangbo ගංගාවේ පහළ...

නරේන්ද්‍ර මොදී නව වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීම සඳහා එක්සත් රාජධානියට පැමිණේ

සටහන: සශිකලා මධුෂාණි ජුලි 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව හා එක්සත්...