රනිල් හදපු විරෝධය! (PHOTOS)

Date:

කොළඹ LNW: පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඇප මත මුදාහැරීමට අද (26) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගය කළේය.

සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය නියෝග කරන ලදී.

ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

නිල සංචාරයක යෙදෙන බව පවසමින් පෞද්ගලික සංචාරයක නිරත වීමෙන් රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාව මත අගෝස්තු 22 වැනිදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණි.

ඒ අනුව අද (26) පස්වරු 02.00ට එම නඩු විභාගය ආරම්භ වූ අතර රනිල් වික්‍රමසිංහ මහතා ZOOM තාක්ෂණය ඔස්සේ නඩුවට සම්බන්ධ වී සිටියේය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ නීති කෘත්‍ය එළඹෙන ඔක්තෝබර් 29 දා නැවත කැඳවීමට නියමිතයි.

මෙම නඩුව අද දින විභාගයට ගැනීමට පෙර අධිකරණ භුමිය අසලට ඒකරාශී වූ එක්සත් ජාතික පාක්ෂිකයින් ආණ්ඩුවට විරෝධය පළකරමින් උද්ඝෝෂණයේ නිරත වන ආකාරයද දක්නට ලැබුණි.

විපක්ෂය නියෝජනය කරන දේශපාලඥයින් රැසක් අධිකරණයට පැමිණ සිටින ආකාරයක්ද දැකගත හැකි විය.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!

අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී...

මහනුවර ආශ්‍රිතවත් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට. අධි ගංවතුර අවදානම් නිවේදනයක් ! (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට...

දිස්ත්‍රික්ක 20කට වැස්සෙන් පීඩා. මරණ සංඛ්‍යාව 40ක් දක්වා වැඩි වෙයි. තවත් 21ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට...