තර්ජන,ගර්ජන සහ මර්දනයට අපි බය නෑ. ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න නායකත්වය දෙනවා – සජිත්

Date:

කොළඹ LNW: තර්ජන, ගර්ජන, මර්දන හරහා විපක්ෂය විනාශ කිරීමට ආණ්ඩුව සූදානම් වෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එහෙත් එම තර්ජන, ගර්ජන, මර්දනයට බිය නොවන බවත් ඕනෑම අභියෝගයකට මුහුණ දී ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කිරීමේ අරමුණින් ප්‍රජාතන්ත්‍රවාදය දඩයම් කිරීමටදරන කූඨ උත්සාහයන් පරාජය කිරීමට ජනතාව සමග එකට එකතු වී ශක්තිමත් නායකත්වය හා මගපෙන්වීම ලබා දෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (26)කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගමින් සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලීමට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

පුරවැසියන් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය,කතා කිරීමේ නිදහස,මතයක් දැරීමේ නිදහස, දේශපාලනය කිරීමේ නිදහස ඇති බවත් මේ තර්ජනකාරී ක්‍රියාදාමයට නොසැලී රට වෙනුවෙන් සුභ සිද්ධිය උදෙසා පෙළ ගැසෙන ලෙස ඉල්ලා සිටින බව හෙතෙම කියාසිටියේය.

ඒ සඳහා ලබා දිය හැකි උපරිම රැකවරණය, උපරිම ශක්තිය ලබා දෙන බවත් මහජන අයිතිය මූලික අයිතිය සුරක්ෂා කරන්න විපක්ෂය උපරිම සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවද ආණ්ඩු යනවද එනවද කියලා තීන්දු කරන්නේ රටේ ජනතාව බවත් මේ යන ආකාරයට නම් රටේ රාජ්‍ය පාලනය ජනතාවට අහිතකර සෘණාත්මක රාජ්‍ය පාලනයක් බවත් විරැකියාව වැඩි වී උද්ධමනය වැඩි වී ඇති බවත් මෙවැනි තත්ත්වයක් දෙස බලා ජනතාව විදින දුක් ගැහැට මැද විපක්ෂයක් ලෙස වුවත් ආණ්ඩුව ගැන සතුටු විය නොහැකි බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් ඇප මත නිදහස්!

කොළඹ LNW: පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර...

රනිල්ට ඇප ගන්න නීතිඥ කණ්ඩායම දැඩි උත්සාහයක. නීතිපති දෙපාර්තමේන්තුවෙන් අඛණ්ඩ විරෝධය!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඇප ලබාගැනීමට...

ZOOM තාක්ෂණයෙන් රනිල් නඩුවට එක්වෙයි!

කොළඹ LNW: පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර...