ඇඩොල්ෆ්
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සිරබත් කමින් සිටියි, මීට හේතුව රාජ්‍ය නායකයකුගේ භූමිකාව සම්පූර්ණයෙන් අවබෝධකර ගැනීමට ඔහුට එරෙහිව නඩු පැවරූ නීතීඥයන් අසමත් වීමයි. ඔහුගේ ප්‍රශ්නගත සංචාරය පෞද්ගලික සංචාරයක් නොවේ. එය කැපාරෝ සමූහය ආරම්භකර එය ගෝලීය ව්‍යවසායක් බවට පත්කළ, ඉන්දියානු සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය කර්මාන්තකරුවකු, දානපතියකු, සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ, මේරිලෙබෝන් හි බැරොන් පෝල් වූ දිවංගත ස්වරාජ් පෝල් සාමිවරයාගේ (1931 – 2025) ආරාධනයකට අනුව සිදවූවකි.
වික්‍රමසිංහ පවුල සමඟ බොහෝ කාලයක් මුළුල්ලේ මිත්‍රත්තවයක් පැවති පෝල් සාමිවරයා, ඔහුට උපහාර පිදීමේ සහ උපාධි ප්‍රදානෝත්සව අවස්ථාව සඳහා හිටපු ජනාධිපතිවරයාට ආරාධනාකළ අතර, ඒ අතර ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක් පිහිටුවීම සම්බන්ධයෙන් ඔහු තුළ පැවති උනන්දුව ප්‍රකාශ කළේය.
1996 වසරේ දී සාමි මන්ත්‍රී මණ්ඩලයට උසස් කරන ලද පෝල් සාමිවරයා එහි නියෝජ්‍ය කථානායක ලෙස සේවය කළ අතර, 2009 වසරේ දී ප්‍රිවි කවුන්සිලයට පත් කිරීම සිදුවිය. කීර්තිමත් දානපතියකු වූ පෝල් සාමිවරයා තම දියණිය සිහි කිරීම සඳහා අම්බිකා පෝල් පදනම ආරම්භකළ, අතර වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයේ සහ වෙස්ට්මිනිස්ටර් විශ්ව විද්‍යාලයේ කුලපති ලෙස සේවය කළේය.
1978 වසරේ දී නයිට් පදවියට පත් වූ පෝල් සාමිවරයා, 1983 වසරේ දී ඉන්දියාවේ පද්ම භූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ අතර, ඉන්දු-එක්සත් රාජධානි සබඳතා වෙනුවෙන් පෙනී සිටි චරිතයක් විය. එමෙන්ම, සන්ඩේ ටයිම්ස් රිච් ලිස්ට් ලැයිස්තුවේ ප්‍රමුඛ චරිතයක් ලෙස සටහන් වූ පෝල් සාමිවරයා, 2025 අගෝස්තු 21 වන දින ලන්ඩනයේ දී මිය යන විට ඇස්තමේන්තුගත පවුම් බිලියන 2 ක ධනයක් ඉතිරිකර තිබිණි.
සුනාමි ව්‍යසනය, කොවිඩ්-19 වසංගත තත්ත්වය සහ මෑත කාලීන ආර්ථික අර්බුදය වැනි තත්ත්ව හමුවේ දානපතියකු ලෙස ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට ද පෝල් සාමිවරයා කටයුතු කළේය.
මෙකී පසුබිම තුළ, හිටපු ජනපතිවරයා ගේ සංචාරයේ අරමුණ නිවැරදිව වටහා ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව අසමත්වීම සහ අසාධාරණ අන්දමින් ඔහු වෙත චෝදනා පැටවීම කණගාටු සහගත ය.

