හිරුණිකාට සහ චම්පිකට අධිකරණයේ දොර වැසෙයි. සජිතුත් අධිකරණ පරිශ්‍රයට එයි!

Date:

කොළඹ LNW: රක්ෂිත බන්ධනාගාර ගත කර මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකර ලබමින් සිටින හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳ නීති කෘත්‍යය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී මීට සුළු වේලාවකට පෙර විභාගය ගෙන තිබේ.

නඩුව විභාගවන පරිශ්‍රය වෙත විශාල නීතිඥයින් ප්‍රමාණයක් මෙන්ම විපක්ෂ දේශපාලකයින් රැසක්ද පැමිණ සිටින බවයි එහි සිටින අප මාධ්‍යවේදියා සඳහන් කළේ.

මේ අතර හිටපු අමාත්‍යවරයෙක් වන පාඨලී චම්පික රණවක මහතාට සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට නඩුව විභාග වන අධිකරණ පරිශ්‍රය වෙත ඇතුල්වීමට ඉඩ ලැබී නැත.

එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද අධිකරණයට පැමිණ සිටියි.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ ආරක්ෂාවද දැඩි කර තිබෙන අතර අධිකරණ භූමියට ඇතුල් කරගන්නා ලද්දේ අද දිනයේ නඩු පවතින පිරිස් පමණි.

අධිකරණ භූමියෙන් එපිට රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකරමින් පාක්ෂිකයින් රැඳී සිටින ආකාරයද දැකගත හැකියි.

නිල සංචාරයක යෙදෙන බව පවසමින් පෞද්ගලික සංචාරයක නිරත වීමෙන් රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාව මත අගෝස්තු 22 වැනිදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රදේශ රැසකට මිලිමීටර් 200 ට වැඩි ඉතා තද වැසි. බොහෝ ප්‍රදේශවලට ප්‍රහාරාත්මක සුළං – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල මඩකලපුව ප්‍රදේශය අශ්‍රිතව පැවති "දිට්වා" ...

ජාතික මට්ටමේ ආපදා හදිසි ඇමතුම් අංක!

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ LNW : ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය...

කැළණි ගඟේ ජල මට්ටමත් ඉහළට. කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට මහ ගංවතුර අනතුරු හැඟවීම් !

සටහන - රුවන් නෙළුගොල්ල පවතින අධික වර්ෂ්පාතනය හේතුවෙන් කැළණි ගඟේ...

අත්‍යාවශ්ය සේවා හැර අනෙකුත් රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දිනයක්

සටහන - රුවන් නෙළුගොල්ල පවතින ආපදා තත්වය හේතුවෙන්, අත්‍යවශ්‍ය සේවා...