ඇමතිවරු හොඳටම කරනවා, එකම කුට්ටම අනන්නේ නැතුව විපක්ෂයේ අයට දෙන්නයැ – ශෂීන්ද්‍ර (VIDEO)

Date:

ඉදිරි කැබිනට් සංශෝධනයේදී සිදුවන්නේ දැනට සිටින අමාත්‍යවරුන්ගේම විෂයයන් වෙනස් කිරීමක් පමණක් බව කාබනික පොහොර රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.

“මං හිතන්නෙ අතිගරු ජනාධිපතිතුමා තීරණය කරනවා සමහර විෂයයන්වලට අවශ්‍ය විදියට මේ කටයුත්ත නව අමාත්‍යවරුන්ට භාරදෙන්න. මේ ඉන්න අමාත්‍යවරුන්ම තමයි, විෂයය මාරුවීමක් තමයි සිද්ධ වෙන්නෙ”

ප්‍රශ්නය – සමහරු කියනවා මේ එකම කුට්ටම අනලා වැඩක් නෑ කියලා ?

“එකම කුට්ටම අනන්නෙ නැතුව විපක්ෂයේ ඉන්න අයට දෙන්න බෑනෙ ? ඉතින් මේකෙ ඉන්න අයම තමයි මාරු කරන්න වෙන්නෙ. අද වෙනකොට මේ ඉන්න අමාත්‍යවරුන් 30 දෙනාම ජ්‍යේෂ්ඨම අමාත්‍යවරුන්. ඒ තේරීමේ කිසිම ගැටලුවක් තිබුණෙ නෑ. ඒ අමාත්‍යවරුන්ට මොන විෂයය දුන්නත් තමන්ගෙ කාර්යභාරය නිවැරදිව කරනවා. ඉතින් ඒ කටයුත්ත කරන්න අපි ඉඩදීලා බලමු”

ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (03) දිනයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...