රනිල්ගේ පාක්ෂිකයින්ගෙන් ජනපති අනුරට විරෝධයක්! අධිකරණය අසල ”AKD GO ගම” විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරයි! (PHOTOS)

කොළඹ LNW: රක්ෂිත බන්ධනාගාරගතව දැනට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ පසුවන හිටපු ජනාධිපතිවරයාට එරෙහි නඩුකරය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන අතරතුර එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිකයින් ඇතුළු පාක්ෂිකයින් විසින් අධිකරණ භූමි පරිශ්‍රයෙන් එපිට ආණ්ඩුවට විරෝධය පළකරමින් උද්ඝෝෂණයේ නිරත වෙමින් සිටියි.

විරෝධතාකරුවන් මේ වන විට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විරෝධය පළකරමින් සිටින අතර AKD GO ගම ලෙස විරෝධතා පුවරු ප්‍රදර්ශනය කර තිබේ.

නිල සංචාරයක යෙදෙන බව පවසමින් පෞද්ගලික සංචාරයක නිරත වීමෙන් රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාව මත අගෝස්තු 22 වැනිදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණි.

ඒ අනුව මේ වන විට එම නඩුව අධිකරණය තුළ විභාග වෙමින් පවතියි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...