ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුකාර ලීසා කුක් ෆෙඩරල් සංචිත පාලක මණ්ඩලයෙන් ඉවත් කිරීමට නියෝග කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

අගෝස්තු 26:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ආණ්ඩුකාර ලීසා කුක් ෆෙඩරල් සංචිත පාලක මණ්ඩලයෙන් ඉවත් කිරීමට නියෝග කර ඇති බව වාර්තා වේ.

ඇය සතු දේපළ උකස් කිරීම් පිළිබඳ අසත්‍ය කරුණු දැක්වීමක් ඇය සේවයෙන් පහ කිරීමට හේතු වී ඇති අතර මෙම පියවර පෙර නොවූ විරූ පියවරක් වී ඇත.

ඇමරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් සංචිත පනතට අනුව, ජනාධිපතිවරයෙකුට ෆෙඩරල් ආණ්ඩුකාරවරයෙකු ඉවත් කිරීමට බලයක් නොමැති අතර ට්‍රම්ප්ගේ නියෝගයට ප්‍රතිචාර දක්වමින් ලීසා කුක් සඳහන් කර තිබුණේ, තමා ඉල්ලා අස් නොවන බවත්, දිගටම සිය රාජකාරියට ඉටු කරන බවත්ය.

කෙසේ නමුත් ලීසා කුක්ගේ නීතිඥ ඇබේ ඩේවිඩ් ලොවෙල් පැවසුවේ ට්‍රම්ප්ගේ ඉල්ලීම්වලට නිසි ක්‍රියාවලියක්, පදනමක් හෝ නීතිමය අධිකාරියක් නොමැති බවත්, ඒ වෙනුවෙන් ඕනෑම නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට ඔවුන් සුදානම් බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුනායක ගුවන්තොටේ සිදුවන වෙනස!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර...

අපිව ප්‍රතික්ෂේප කිරීම දැන් ජනතාවට පළිසන් දෙමින් තියෙන්නේ – UNP වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මහජනතාව රැවටීම බරපතල අකුසල කර්මයක් වන අතර...

පාසල් දරුවන්ට සුබ පණිවුඩයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : පාසල් ළමුන්ට...