විරේන්ගෙන් ඊශ්‍රායලට ප්‍රහාරයක්

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW:

ප්‍රංශයේ පැවත්වෙන ලෝක සූරතා බැඩිමින්ටන් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකාවේ ජාතික සූරයා වන විරේන් නෙත්තසිංහ ප්‍රථම තරගයේදී ඊශ්‍රායලයේ මිශා ෂිල්බර්මන් පරාජය කරමින් වට 2-0 ක් ලෙස ජය ගැනීමට සමත් විය.ලකණු තත්ත්වය 21–11 සහ 23-21 ක් ලෙස දැක් වුණ අතර තරගයට ගත වූ කාලය විනාඩි 39 ක් විය.
මීෂා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල විරෙන්ට වඩා පියවර තුනක් ඉදිරියෙන් පසුවන අතර ඔහු 73 වන තැන ද විරේන් 76 වන තැන ද පසු වෙයි.22 හැවිරිදි විරේන්ට වඩා අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකුවන මීෂා 36 හැවිරිදි වියේ පසුවන්නේය.


විරේන්ට මෙම ජයග්‍රහණයෙන් පසුව හමුවන්නේ සත්කාරක ප්‍රංශය නියෝජනය කරන අංක 15 ට ශ්‍රේණිගතව සිටින ටොමා ජූනියර් පොපොව් ය.මේ තරගය විරේන්ට ඉතා වැදගත් තරගයක් වන අතර 26 හැවිරිදි පොපොව් සමඟ තරගයේදී විරෙන්ගේ මානසික ඒකාග්‍රතාවය සහ ආත්ම විශ්වාසය පොපොව්ට එදිරිව නිවැරදිව ක්‍රියාත්මක වුවහොත් එය ශ්‍රී ලංකාවේ බැඩිමින්ටන් ඉතිහාසයට සුවිශේෂී දිනයක් වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැඩබලන සුව ඇමතිගෙන් වෛද්‍ය බෙල්ලනට එරෙහිව විනය පරීක්ෂණයක්…?

රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ LNW: වත්මන් කොළඹ ජාතික රෝහලේ...

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ අති නවීනත ජංගම දුරකථන 955ක් සොයා ගැනේ!

රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ LNW: ශ්‍රී ලංකා විදුලි සංදේශ...

රනිල් වෙනුවෙන් සජිත්ගේ ස්තූතිය. චන්දිම වීරක්කොඩි, ලසන්ත අලගියවන්න සහ සමන් රත්නප්‍රියට අලුත් වගකීම්!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිදහස් වෙනුවෙන් කැපවී...