ඊලඟට මොකද කරන්න හිතන්නේ ?

Date:

වස්සාන කාලයක්
එන්නේ නැත්නම්
පායනා කාලයේ
රැස් කරපු “කන්න දේ”
උත්කර්ෂවත් නැති බව
ගීතයෙන් ගයා කියාදෙන
තණකොළපෙත්තන්
හිඟ කාලයකි මේ !

හිතවත් කුහුඹුව,
ඊලඟට මොකද කරන්න හිතන්නේ ?

හිම වැටෙන සීතකාලයක්
එන්නේ නැත්නම්
හිම කබා දෙකට පලා
බුමුතුරුණක්ව බිම එලයි,
කතුරු පහරක් වැදීමෙන්
බැටලු සමකින් වෙන්ව මිය යන
ලොම් අහුරු කිහිපයක
අවසාන කැමැත්තටත්
ඉඩනැති කාලයකි මේ !

හිතවත් බැටළුව,
ඊලඟට මොකද කරන්න හිතන්නේ ?

අඳුරු වංකගිරියේ මල් උයන හමුවී
එක මලක් නෑර රොන් උරා පැස පුරවා
නැවත හැරී ජනපදයට යන්න යන්නකොට
හැරෙන හැරෙන පැත්තට හිරවෙන
ඉබාගාතේ දුවන බඹරුන්ට පාර පෙන්වන
තාරකාවක් වත් නැති කාලයකි මේ !

හිතවත් බඹරුණි,
ඊලඟට මොකද කරන්න හිතන්නේ ?

  • MKCP ශෂීන්

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන පහක් ඉල්ලා නඩු පවරයි ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

සමස්තයක් ලෙස වසරේ පළමු මාස නවයේ ආර්ථික වර්ධන වේගය 5% ක්

තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.4%ක වර්ධන වේගයක්...

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයෙන් බලපෑම් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහය දිවයිනේ කාලගුණයට...

හිටපු කථානායක රන්වලගේ ජීප් රථයේ දෝෂයක්. ඔහුගේ වෛද්‍ය වාර්තාව තවමත් ලැබී නැහැ – පොලීසිය

පසුගිය 11 වනදා අනතුරට ලක්වූ හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී...